IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ ශූරතාව දිනති

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය කාන්තා ශූරතාව දිනා ගත්තේය. කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී තරගාවලිය පැවැත්විණ. තරගාවලියට පාසල් සහ ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් රැසකින් වයස 17 සහ 19 පසුවන ක‍්‍රීඩකයෝ 120 දෙනෙක් ද, කී‍්‍රඩිකාවෝ 38 දෙනෙක් සහභාගිවුහ. පිරිමි ශූරතාව දිනාගත් විද්‍යාර්ථ විදුහල ලකුණු 29 ක් ලබාගත් අතර මහනුවර ශාන්ත සිල්වෙස්තර බොක්සිං ක‍්‍රීඩා සමාජය ලකුණු 15 ක් ලබා අනුශූරතාව හිමිකර ගත්තේය. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය කාන්තා ශූරතාව දිනා ගත්තේ ලකුණු 17 ක් ලබමිනි. ලීනියා බොක්සිං ක‍්‍රීඩා සමාජය ලකුණු 11 ක් ලබා කාන්තා අනුශූරතාව ලැබීය. මහනුවර ධර්මරාජ විදුහලේ ඒ. එස්. තුඩුවෙවත්ත දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩකයා ලෙසද, මහනුවර විද්‍යාර්ථ විදුහලේ ඞී.එල්.හෙට්ටිආරච්චි දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබුහ. බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ටී. එච්. ජයතිස්ස දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර ලීනියා බොක්සිං පිලේ ආර්. අයි. ජයරත්න දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස ද තේරීපත්වුවාය.  පිරිමි ශූරතාව දිනා ගත් මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ......කාන්තා ශූරතාව දිනාගත් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයීය ක‍්‍රීඩිකාවෝ....



අදහස් (0)

ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය මහනුවර විද්‍යාර්ථ විදුහල් ක‍්‍රීඩකයෝ ශූරතාව දිනති

අභිෂේක් Saturday, 10 November 2012 08:03 AM

ජයග්‍රාහී විද්‍යාර්ථය. මට ඔබ ගැන ආඩම්බරයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 09 November 2012 12:56 AM

ඔහොමම හැකියාවන් දියුණු කරගෙන ඔලිම්පික් රන් පදක්කමක් ගන්න උත්සාහ කරන්න දරුවනේ. (නි)

:       0       0

රසිකා Friday, 09 November 2012 08:32 AM

ජයග්‍රාහී විද්‍යාර්ථය... (නි)

:       0       0

භාරත Wednesday, 14 November 2012 03:21 PM

විද්‍යාර්ථයේ කොල්ලෝ කවදාහරි ඔලිම්පික් රන් පදක්කමකුත් ලංකාවට ගෙනෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site