IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජාතික ආණ්ඩුව ගැන කතානායකගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුවේ ගිවිසුම් ගත කාලය පිළිබඳ හෙට (21) මැතිසබයේදී විශේෂ ප්‍රකාශයක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
 
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයා වෙත යොමු කරන ලෙද අදහස් දැක්වීමකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවසීය.
 
අනුර කුමාර දිසානායක මහතා - ‘‘මේ ප්‍රශ්නය ගැන මීට පෙර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරු රැසක් විවිධ අවස්ථාවලදී කරුණු මතු කළත් සභානායකතුමා නිසා පිළිතුරක් ලබා දුන්නේ නැහැ. මේක ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක්. 
 
ජාතික ආණ්ඩුවක් කියලා මේ පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් හදා ගත්තා. 19 වැනි සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් පවතිනවානම් පමණයි අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ට වඩා වැඩි කර ගන්න පුළුවන් වෙන්නේ.
 
මේ ජාතික ආණ්ඩුව ගොඩ නගා තිබෙන්නේ අවුරුදු දෙකකටයි. එය ඉදිරියට යෑම තීරණය කරන්නේ ඒ පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසුවයි. ඒ අවුරුදු දෙකකට අවශ්‍ය වන පරිදි අමාත්‍යවරු සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40 සිට 48 දක්වා වැඩි කර ගැනීමටත් තමයි පාර්ලිමේන්තුව අනුමැතිය දුන්නේය.
 
මේ නිසා ඒ අවුරුදු දෙකෙන් පසුව ඇමැතිවරුන්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැතිවරුන් වැඩි කර ගැනීමට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ගත යුතුයි. නමුත් තවමත් ඒ දේ සිදුවී නැහැ. අමාත්‍යවරුන් වැඩි කර ගැනීමට දී තිබූ අනුමැතිය අවසන් වෙලා. 
 
මේ නිසා මේ ඉන්න ඇමැතිවරුන් වලංගුද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. එහෙම නිසි පරිදි වලංගු නැති ඇමැතිවරුන්ගෙන් අපි ප්‍රශ්න අහනවා. මේ පාර්ලිමේන්තුවේ වලංගු නැති ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න අහන්න හෝ ඔවුන්ගේ බලය පිළිගන්න සූදානම් නැහැ. මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් විභාග කරමු. තමුන්නාන්සෙලා ගත් හැම තීරණයක්ම වලංගු නොවන තීරණයක් බවට පත් වෙනවා . එම නිසා කරුණාකරලා ආණ්ඩුව පැත්තෙන් මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළ යුතුයි.‘‘

 



අදහස් (11)

ජාතික ආණ්ඩුව ගැන කතානායකගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

prakaash Tuesday, 20 February 2018 11:59 AM

නිවට කතානායකයෙක්.මේ වගේ වුන් මුළු රටටම ලැජ්ජාවක්.

:       0       0

සතයපාල Tuesday, 20 February 2018 12:59 PM

නටපු නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහෑ කිව්වා වගේ අන්තීමට කැරකිලා කැරකිලා හිටිය තැනටම එන්න උන එක විතරයි.මේ අය කල විගඩමෙන් උනේ රුපියල බාල්දුවෙලා කොටස් වෙළදපොල කඩා වැටිලා තව වටයකින් බඩුමිල ඉහල යන එක විතරයි.ඇත්තටම මේ අය පාලකයොද කියලා හිතෙනවා.මේ විගඩම් නටන්නද අපි පාලකයන් පත් කරන්නේ!

:       0       0

saman ks Tuesday, 20 February 2018 01:17 PM

පහුගිය අවුරුදු තුනට මෙයාලගේ විශේෂ ප්‍රකාශ අහලා අපිට නම් දැන් ඇතිවෙලා. දැන්වත් අපිට පාඩුවේ ඉන්න දීපල්ලා.

:       0       0

sirimal Tuesday, 20 February 2018 01:47 PM

ඒක නෙවේ අහන්න තියෙන්නේ මන්ත්‍රී තුමා. ඔය ඉන්න ඇමති වරුන්ගේ පිටකොඳු වලංගුද කියලයි අහන්න තියෙන්නේ. මොකද එළියේදී කියනවා අපේ පක්ෂයේ ආණ්ඩුවක් පිහිටෙව්වේ නැත්නම් අපි විපක්ෂයේ ඉඳ ගන්නවා කියල. ඇතුලට ගිහින් කියනවා ජනාධිපති තුමා ගන්න ඕනෑම තීරණයකට අපිත් ඔට්ටුයි කියල.

:       0       0

[email protected] Tuesday, 20 February 2018 02:02 PM

එකතුවෙලා ශක්තිමත් ගමනක් යනවා කියලා කියාවි

:       0       0

gunarathna Tuesday, 20 February 2018 02:02 PM

රනිල් වික්‍රමසිංහ ලියල දීපු එකක්ද කියවන්නේ.ගිවිසුමක් නෙතිනම් ආණ්ඩුව වලංගු නෙහෙ කියන්ට කාගෙන්වත් උපදෙස් ගන්ඩ ඕනෙද.ඕක ඕනෙම කෙනෙකුට ත්රෙර්ණ දෙයක්නේ ගිවිසුමක් නෙතිව හවුල් ආණ්ඩුවක් තියෙන්ට බෙහෙ කියල.ගිවිසුමක් අවශ්‍ය නෙහෙ කියනවා නම් මොකටද මුලින් ගිවිසුමක් ගෙහෙව්වේ.

:       0       0

wije Tuesday, 20 February 2018 05:03 PM

අනේ මන්දා අපිටනම් දැන් මේ ප්‍රකාශ අහලාම එපා වෙලා. ප්‍රකාශ කරන එක දැන් විහිළුවක් වෙලා. දවස ගානේ එක එක්කෙනා මාරුවෙන් මාරුවට එක එක ප්‍රකාශ කරකර ඉන්නවා විතරයි කවුරුවත්ම රටට වැඩක් කරන්නේ නම් නැහැ. කොහොමත් ඉතුරු අවුරුදු දෙකත් මෙයාලා ප්‍රකාශ කරකර සාකච්චා පවත්වා පවත්වම ඉදිවී. මේ රටේ අහිංසක මිනිස්සුන්ට ඉතින් දෙවියන්ගේම පිහිට තමයි. අනේ මෙහෙමත් නායකයෝ ඉන්න රටක් ලෝකයේ වෙන කොහෙවත් තියෙනවද.

:       0       0

ජගත් ලියනගේ Wednesday, 21 February 2018 12:39 AM

කරන්න යන ප්‍රකාශය ගැන හිතා ගන්න පුලුවන් . රනිල් හොඳටම දන්නවා ඔය එක්කෙනෙක් වත් කයිවාරු ගැහුවට අස් වෙන්නේ නැහැයි කියලා. ඔය හැමෝම බලයට සහ මුදල් වලට පුදුම පෙරේතකමක් තියෙන්නෙ කියල අපිට දැන් හොඳටම තේරෙනවා . කට්ටිය කියනවා අපි ඔක්කෝම ජාතික ආණ්ඩුවේ ඉන්නේ කියල . මේ රට කවදාවත් දියුණු කරන්න බැහැ , ආපහු සුද්දට දුන්නොත් ඇරෙන්නෙ .

:       0       0

Sathyayaa Wednesday, 21 February 2018 12:48 AM

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත්කරන අදහස ඉතාමත් තර්කානුකුලයි කාලෝචිතයි. කතානායක වරයා අපක්ෂපාත තීන්දුවක් දෙන්න ව්‍යවස්ථාවෙන් මෙන්ම නීතියෙන්ද බැඳී සිටිනවා.

:       0       0

nilantha Wednesday, 21 February 2018 02:04 AM

පාර්ලිමේන්තුව එක රැස්වීම් වාරයකදී රුපියල් ලක්ෂ 80 පමණ වැය වෙනවා මන්ත්‍රීවරුන් සහභාගි නොවීම හේතුවෙන් මහජන මුදල් අපතේ යනවා. මෙහෙතුව නිසා පාර්ලිමේන්තුවට නොපැමිණෙන මන්ත්‍රීවරුන් හට යම් කිසි දඩ මුදලක් අයකර ගැනීම සුදුසු බව පෙනීයනවා.

:       0       0

lalithsjm Wednesday, 21 February 2018 03:18 AM

මොන කතාද ප්‍රතික්ෂේප උන අය නම්බුපිටින් යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 111 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site