IMG-LOGO

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට

(ඡායාරූපය: අමදෝරු අමරජීව)


මහ මැතිවරණයේ දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කිරීම සමස්තයක් වශයෙන් සියයට 60ත් 65ත් අතර අගයක පැවතුණ බව මැතිවරණ නිරීක්ෂකයෝ සඳහන් කරති.

ඒ අනුව දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සියයට 62 .5ක් ද, පො‍ලොන්නරුව දිස්ත්‍රික්කයේ සියයට 65ක්ද, මතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද සියයට 67ක්, මහනුවර දිස්ත්‍රික්කයේ සියයට 62 ක් ද,ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 64ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ සියයට 60 - 65 අතර ද, වන්නි දිස්ත්‍රික්කයේ සියයට 65.4ක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියයට 67ක් ද, මොනරාගල සියයට 63ක් ද,කොළඹ සියයට 65ක් ද,ගම්පහ සියයට 66ක් ද, වශයෙන් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ඒ ඒ. දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරිහු පවසති. 

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421 කදී මහ මැතිවරණ ඡන්ද විමසීම සිදුකෙරිණ.

(සුජිත් හේවාජුලිගේ, ආරියරත්න රණබාහු, නිමල් ජයරත්න, ඥානසිරි හෙට්ටිආරච්චි, මහේෂ් කීර්ති රත්න, ජේ.ඒ.එල් ජයසිංහ, සනත් ගමගේ,අජිත්ලාල් ශාන්තඋදය, රංජිත් රාජපක්ෂ, කේෂර ගුණතිලක  සහ සිතුම් චතුරංග)


දිගාමඩුල්ල

(ඡායාරූපය: ඥානසිරි හෙට්ටිගේ)


වන්නි

(ඡායාරූපය: සිතුම් චතුරංග)


නුවරඑලිය දිස්ත්‍රික්කය

(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)


පොලොන්නරුව

(ඡායාරූප: නිමල් ජයරත්න)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)


හම්බන්තොට

(ඡායාරූප: සනත් ගමගේ)



අදහස් (1)

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට

Chinthaka Thursday, 14 November 2024 07:16 PM

පින්තූරවල පෙන්වන කටයුතුවලදී තරම් මැතිවරණ රාජකාරී කිරීමේදි දුක්විඳින වෙනත් රාජකාරියක් නැහැ. පෙරදිනයේ සවස සිට ෆෝම් පුරවමින් සංචාරයේ එන නිලධාරින්ට තොරතුරු සපයමින් සිට සවස 4ට පෙට්ටි මුද්‍රාව තබා තවත් ෆෝරම් රාශියක් පුරවාගෙන එන්න වෙනවා... ආවාට පස්සේ ගේට්ටුවේ සිටින පිරිස් සිදුකරන පරීක්ෂණ අවසන්වෙලා ශාලාවට ගියාම SPO හා KKS ට බීම බෝතල් දෙකක් ලැබෙනවා... ඒ සමඟ එන පොලිස් නිලධාරින්ට මොකුත්ම නැහැ. මම අවස්ථා කීපයකදී මට ලැබුණු බීම ඔවුනට දීලා තියෙනවා. අද වගේ වැහිදාට තමයි පෙට්ටි උස්සාගෙන තෙමි තෙමී පරීක්ෂා කළා... ළඟ ඉන්න වෙන්නේ. ඉන් පස්සේ පෙට්ටි භාර දෙන්න ගියාම පිස්සු හැදෙනවා. ඒක නිලධාරින්ගේ වරදක් නොවෙයි තීරණ ගන්නා අයගේ වරදවල් තමයි ඇත්තටම තාක්ෂණය උපයෝගී කරගෙන මැතිවරණවල කටයුතු කළා නම් මේ වනවිටත් ප්‍රතිඵල දෙන්න තිබුණා. මට මතකයි මුලින්ම පරිඝණක ආශ්‍රයෙන් ප්‍රතිඵල සැකසීම කළ 1988 කාලයේ සමහරක් ඉහළම නිලධාරි පවා පරිඝණක විශ්වාස නොකර අතිනුත් ප්‍රතිඵල සැකසීම කළා... කෙසේ වුණත් එදාට වඩා අද තාක්ෂණය දියුණු නිසා එමගින් ප්‍රතිඵල සකසනවා නම් පහසුයි..!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site