
(ආරියරත්න රණබාහු)
ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වවුනියාවේ දී පසුගියදා පැවසීය
ජාතික ජන බලවේගයේ වවුනියා දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඒ බව පැවසූ දිසානයක මහතා එහිදී මෙසේද කීය
ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන්න ඕන නමුත් ජනාධිපතිවරණය නොතියා තව අවුරුදු පහක් රනිල් වික්‍රමසිංහට දෙන්න ඕනෑ කියලා රංගෙ බණ්ඩාර කියා තිබුණා ඒ ගැන රංගෙ බණ්ඩාරට අවධාරණයෙන් කියන්නේ එහෙම කරන්න නම් ලංකාවේ තවදුරටත් ඉඩ නෑ කියලා වජිර අබේවර්ධනත් ඒ වගේ කතා දෙකක් කියලා තියෙනවා එකක රනිල් වික්‍රමසිංහට තව අවුරුදු දොළහක් ඉන්න ඕන කියන එකයි
ජනාධිපතිවරණයට වෙන කවුරුවත් ඉල්ලන්නේ නැතුව රනිල්ට විතරක් ඉල්ලන්නෙ දෙන්න කියලයි මේකෙන් කියන්නේ ඔහුට ජය ගන්න බැරි බව ඒ අයත් පිළිගන්නවා කියන එකයි
දැන් සජිත් පේමදාසගේ රැස්වීම් ජසයා ලෙන්චිනා වගේ ගතියක් දැනෙනවා ඒකේ ලෙන්චිනා විතරයි අඩු මේ වනවිට ලංකාවේ මුළු දේශපාලනයේම ජාතික ජන බලවේගය ටා කේන්ද්‍රගත වී තිබෙනවා ට පෙර යුතුකම් ඉටුකරන්න සලකන්න වගේ දේවල් කියමින් විවිධ කලාපවල විවිධ කාලවල විවිධ පක්ෂවලට ඡන්දය දුන් විශාල පිරිසක් එකතුවී සිටිනවා මෙතෙක් අනෙක් වලට ඡන්දය දුන් විශාල පිරිසක් අපත් එක්ක එකතු වීම නිසයි ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නේ මීට පෙර විශාල ලෙස දේශපාලනය ගැන උනන්දුවක් නොදැක්වූ සහ වෙනස් පක්ෂවලට ඡන්දය දුන්න අය අප ේ වටා එක්වී ඉන්නේ ඇයි?
අප මේ රට ගොඩනගන බවට සහතිකයක් ද එතෙක් ජනතාවට අවශ්‍යය සහනාධාර ලබා දෙනවා ආණ්ඩුවක පළමුවැනි වගකීම ආහාර සෞඛ්‍ය අධ්‍යාපනය මූලික වගකීමක් ලෙස ගැනීමයි සෑම පුරවැසියෙකුටම ආහාර ලැබෙන සෞඛ්‍ය පහසුකම් ලබා දෙන සහ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙළ අපි තහවුරු කරනවා
මේ රට දුප්පත් හිඟා කන්න ඕනෑ රටක් නෙවෙයි. ජනතාව මේ විදිහට දුක් විඳින්න ඕනෑ රටක් නෙවෙයි. ජනතාව බඩගින්නේ ඉන්න ඕනෑ රටක් නෙවෙයි ස්වභාවික සම්පත් සියල්ලෙන් අනූන ින් රත්න දීපයක් මේක ඒ වගේ රත්න දීපයක ි කන්න නැතුව මිනිස්සු මැරෙනවා. බේත් නැතුව මිනිස්සු මැරෙනවා. හරි හමන් නිවහනක් නැති අය ඉන්නවා. අපි ඔබ හැමදෙනාම එකතුයි හැමදෙනාටම ජීවත් විය හැකි රටක් ගොඩනගමු යැයි ජාතික ජන බලවේගයේ නායකයා කීය

COMMENTS
අනිවාර්යයෙන්ම, ඡන්දය කල්දාන සෙල්ලමට ආවොත්, දෙවැනි අරගලය පටන් ගන්නවා. එදාට රනිල්ට කළිසම නැතුව ගෙදර යන්න වෙනවා.
ඔව් ඉතින් 2019 වනවිට ලංකාවේ ලක්ෂ හැටනවයක් හිටපු කට්ටියම දැන් අතීතය අමතකවෙලා කණපිට හැරිලා ඉන්නවා.. සාමාන්‍යයෙන් දැනුමක් අවබෝධයක් තියෙන කෙනෙකුට නම් අතීතයේ ජෙප්පෝ කරපු දේ අමතක කරන්න බැහැ.. සාමාන්‍යයෙන් මේ කාලයේ පිරිසක් දෙගොල්ලම කලා... අපි වෙනසක් කරන්න අලුත් කට්ටියක් පත්කරනවා කියනවා තමයි.. ඒත් ඔවුන්ට ජෙප්පෝ 1971 සිට රටේ සංවර්ධනය අඩාල කර දෙගොල්ලටම කරන්න දුන්නේ නැහැ කියලා අමතක කර තියෙනවා ඔහොම කියලා අලුත්ම කෙනෙකුට දෙනවා කියලා නයි නැටවීමකුත් කරලා අලුත්ම කෙනෙකුට දුන්නා කියලා අමතකද? මොවුන්ට දුන්නොත් එයටත් අන්ත වෙනවා..
ප්‍රා සභා මතක් වුණා...
උගත්, බුද්ධිමත් ජනතාව මාලිමාව සමගයි...
මාලිමාවට ජයවේවා...!!!
මාමා 83 කරපු දේම බෑණා ආයෙත් කරන්න හිතනවා නම් එයාට වැරැදිලා. ජනතාව පාරට බහිනවා මාලිමාව සමග..!
බොරු කයිවාරු පළාත් පාලන ඡන්දෙට මොකද වුණේ?
යෝජනා සම්මත කිරීමකින් ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු ප්‍රතිපාදනයක් නැත. යමෙක් එවැනි යෝජනාවක් කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි..
ජේ ආර් ගහපු ගැටේ වගේම එකක් තමයි එයාගේ ඥාති පුතා කරන්න හදන්නේ. මොවුන් කවුරුවත් රටට ආදරේ අය නොවේ. ගහලා මරලා හරි බලේ ගන්න අය...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනු ව්‍යවස්ථාවෙහි “ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබියයුතු අතර පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේය..” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. මේ ව්‍යවස්ථාවේ කාලය වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනා සම්මතයකින් පමණක් කළ නොහැකිය. ජනමත විචාරණයක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතුයි. මෙයට පිටින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු ප්‍රතිපාදනයක් නැත. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3) “ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර, මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ පැවැත්විය යුත්තේය. “ යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාව යටතේ බලයට පත් වී ඇති බැවින් 31 ව්‍යවස්ථාවේ 3 අනුව්‍යවස්ථාවෙහි (ඉ) ඡේදයෙන්, වත්මන් ජනාධිපතිවරයාට 31 ව්‍යවස්ථාවේ (3) අ ඡේදයේ ප්‍රකාරව ජනාධිපතිවරණයක් කැඳවීමේ අයිතිය ද නැත. ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ ධුරකාලය ඉකුත්ව එක දිනයකුදු බලයේ රැඳී සිටීමට ද හිමිකම් නැත.
යෝජනා සම්මත කිරීමකින් ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු ප්‍රතිපාදනයක් නැත..
ගෝඨාභය පස්සේ ගිහින් කෙළවාගත්තා. උගත් මෝඩයින් සෙට්එකම AKD ට කඩේ යනකොට තමයි අවසාන ප්‍රතිඵලය පැහැදිලිව පේන්නේ. නූගත් නමින් ප්‍රයෝජන ගන්න මොවුන්ට.. හෙන ගහලත් මදි...
මොනවා කියනවාද? අපිට මතක නැතුවයෑ ප්‍රාදේශීය සභා ඡන්දෙ කල් දාපු වෙලාවේ මෙයාලා මැදිහත්වෙලා ඡන්දේ ගත්තු විදිහ. මෙයා රනිල් එක්ක ඩීල් කියලා දන්නෝ දනිති...!
අර 88/89 භීෂණය අමතක උනා වගේ මේ අයට පහුගිය පළාත් සභා චන්දෙට කයිවාරු ගහල කෙලව ගත්ත එකත් අමතකයි වගේ....හි....හී...
වසර 76 ක් පුරාවටම බලලෝබී බඩගොස්තරවාදි දූෂිත දේසපාලුවෝ කෙරුවේ ජනතාව රවට්ටපු එක .කාලෙන් කාලෙට දර්මිෂ්ඨ සමාජයක් ,යහ පාලනේ ,මහින්ද චින්තනය ,දැනුමේ කේන්ද්‍රස්ථානය තාරුණ්‍යයට හෙටක් ,ආසියාවේ ආශ්චර්යය සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා කියපු ගුණමකු දූෂිත දේසපාලුවෝ කරපු කෙහෙල් මලක් නැහැ. ,උන් කෙරුවේ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු එක..ජනතාව රවට්ටපු කාලේ දැන් ඉවරයි .ජනතාව චන්දේ දීලා දූෂිත දේසපාලුවන්ට බලය.දුන්නේ ,උන්ගේ පවුල් වල ඉන්න හොර හැතිකරේටම හොරාකාලා සැප වින්දින්ටද.උන්ට බලය දීලා ජනතාව අද නොවිදිනා දුක් වින්දිනවා.හරිහමන් නායකයෝ ඉන්න සිෂ්ට සම්පන්න රටවල ජනතාව ගෙවන ජීවිත දිහා දැක්කම ලන්කාවේ සිටින ගුණමකු දූෂිත දේසපාලුවෝ ගැන ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි .
චන්දේ කල් දාන සෙල්ලම් එයාලා එක්ක බෑ ඒත් චන්දේ දැම්මොත් අත පය ඇඟිලි කපන සෙල්ලම පුළුවන්.
රට බල්ලාට ගිහින්, නීතියක් නැති, කිසිදු ක්ෂේත්‍රයක දියුණුවක් නැති රටක් වෙලා. නිල වශයෙන් බංකොළොත් කරලා. එහෙම කරපු අය වඳින ගමන් තවම 88/89 ගැන කතා කරන්න තරම් පහත්, නූගත් පිරිස තමන්ගේ මොලය පරීක්ෂා කරවා ගන්න.