
රුසියන් ජනපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් හවුල් කර ගනිමින් සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සූදානම් වෙයි. ඒ, නොවැම්බර් 18-19 දිනවල චීනයේ පැවැත්වෙන ආර්ථික සහයෝගිතා සමුළුවට සමගාමීවය.
ආර්ථික සහයෝගිතා සමුළුව පැවැත්වෙන්නේ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සත්කාරකත්වයෙනි. සමුළුවට සමගාමීව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, න්යෂ්ටික අවි පාලනය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව ට්රම්ප් පවසා ඇත. ඊට අමතරව, ගෝලීය දේශපාලන අර්බුද ගැනත්, ආර්ථික කටයුතු ගැනත් තමන් චීන ජනාධිපතිවරයාත්, රුසියන් ජනාධිපතිවරයාත් අතරේ සාකච්ඡා කිරීමට සූදානම් බව ද ට්රම්ප් පැහැදිලි කර ඇත.
චීනයේ පැවැත්වීමට නියමිත එම ආර්ථික සමුළුවට, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද සහභාගී වනු ඇත. ට්රම්ප් පවසා ඇත්තේ, තමන් කිම් ජොන් උන් හමුවී පැරැණි මිතුදම් අලුත් කිරීමට ද අපේක්ෂා කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු කාලයත් ඔහොම ගෙවලා විශ්රාම ගියොත් හොඳ නැද්ද? ලෝකෙට සාපයක්.
වැඩ බැරි ප්රථම ඇමරිකානු ජනාධිපති හැටියට නම් දරා සිටින ට්රම්ප් ජාම බෙරා ගැනීම සදහා ගහන්න තටමන තවත් උප්පරවැට්ටියක් !!! ඔහු ජාත්යන්තරව වැටී සිටින පහත් තත්වය අනුව, ඇමරිකාවට වාසිදායක කිසිදු විසඳුමක් ඔහු බලාපොරොත්තු වන විදියට මෙම සමුළුවේ දී ඇමරිකාවට නොලැබෙනු ඇත.