චීනයේ නිරිතදිග ටිබෙට් කලාපයේ ප්‍රබල භූමිකම්පාවක් හටගත්තේය. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7 ක් ලෙසය. 

භූමිකම්පාවෙන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත් තිස් දෙදනකු තුවාල ලැබූ බවත් චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේය. තුවාල ලැබූ 11දෙනකුගේ තත්ත්වය බරපතළ බවත්, මරණ සංඛයාව තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.

භූමිකම්පාව හටගත්තේ 21 රාත්‍රියේ 10:33ට පමණ යැයි පැවැසෙයි. භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු අතර සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීමට සහන සේවකයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිණි.

ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය නාග්චු නගරයට කිලෝමීටර 190ක් ඊසාන දෙසින් සහ ටිබෙටයේ අගනුවර වන ලාසා සිට කිලෝමීටර 390ක් ඊසාන දෙසින් පිහිටි කඳුකරයේ පිහිටයි. 2024 ජනවාරි මාසයෙන් පසුව චීනයෙන් වාර්තා වූ ප්‍රබලතම භූමිකම්පාවමෙය ලෙස සැලකෙයි.