
(ගයාන් සූරියආරච්චි)
වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවෙසක කසිප්පු පෙරා ෂැෂේ පැකට්වල අසුරා කොළඹ අවට සහ වරාය වැඩබිමිවල සේවය කරනු ලබන චීන ජාතිකයන්ට කසිප්පු අලෙවි කළ චීන ජාතිකයකු අද (12) අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍ර දේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි චීන ජාතිකයෙකි.
සැකකරු මීට වසර 8 කට පමණ පෙර ලංකාවට පැමිණ මෙරට වැඩබිම්වල සේවය කර ඇති අතර සැකකරු චීන ජාතිකයන්ට පමණක් කසිප්පු අලෙවි කර ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයා පසුගිය කාලේ විකුණාගෙන ගිය හැටියට, අමතක වීමකින් පෞද්ගලික කසිප්පු ව්‍යයාපාරයත් චීනට විකුණලාද කොහේද?
කවුද කියන්නේ අපේ රට දියුණු නෑ කියලා. දැන් ලෝකයේ බලවත් රටවල අයත් අපේ රටට ඇවිල්ලා මේ වගේ නිෂ්පාදනය කරද්දී...
කුලියට දෙන ගෙවල් අයිතිකරු විසින් මාස තුනකට වතාවක් පරික්ශා කරන්නට කුලී හෝ බදු නිතිය සංශෝධනය කල යුතුයි. එසේම එසේ පරික්ෂා නොකර එම නිවසේ නීති විරෝධී දේවල් වෙනවානම් අයිතිකරු අපරාධ වලට අනුබල දීම යටතේ දඩුවමට ලක් කළ යුතුයි. මේවා පිටරට වල සිදුවෙනවා. අලුත් දේවල් නොවෙයි.
ඒ චීනා නම් මාර වැඩ්ඩෙක්
ලංකාවෙ අපේ දේකට කියල තිබ්බෙත් එච්චරයි. චීන්නු අන්තිමට ඒකත් ඉස්සුවා
එහෙනම් කසිප්පු නෙමෙයි ඔය දීලා තියෙන්නේ චීන කරින්ඤං