
(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර ගත වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් මහා නා හිමිවරුන්ගෙන් අදහස් ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශයට යුතුකමක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(8) පැවසීය.
කළ යුත්තේ කුමක්දැයි තීරණය කළ යුතු වූයේ එම උපදේශයෙන් අනතුරුව බවද අබේවර්ධන මහතා කීය.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය අනාවරණය කරමින් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
මේ තීරණය මගින් බුද්ධාගමයි, ආගමික නිදහසයි දෙකම අභියෝගයට ලක්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සහ 10 වැනි වගන්තිය උල්ලංඝණය කරලා.
ඥාණසාර හිමියන්ට මේ නඩුව ගොනු වුණේ යහපාලන ආණ්ඩු සමයේදීයි. ඒ අවස්ථාවේදී මහනායක හිමිවරුන් උන්වහන්සේට සමාව ඉල්ලා එවකට සිටි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළා.
ඉන් අනතුරුව තමයි උන්වහන්සේට සමාව දීමට එවකට රජය කටයුතු කළේ. මෙවැනි කටයුත්තකදී නීතිය මගින් ක්‍රියා කල යුතු වුණත් වර්තමානයේදී අදාළ නීති ක්‍රියාත්මක වෙලා නැහැ. මීට පෙර මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත උන්වහන්සේට නිදහස ලබාදුන්නා නම් නැවත වරක් එය වෙනස් වන්නේ කෙසේද?
මෙහිදී සාමාන්‍ය නඩු කටයුත්තක් ලෙස ක්‍රියා කළ නොහැකියි. මෙය රටේ මහනායක හිමිවරුන් විසින් කළ ඉල්ලීමක් තිබෙනවා. ආණ්ඩුවට මේ ප්රශ්නය පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කර වෙනත් ආකාරයකින් විසඳීමට පවා ඉඩකඩ තිබුණා.
මේ කරුණ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු නීතිමය පසුබිමද ඇතුළත්ව සවිස්තර ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ එවුන්ගෙන් මොනවා අහන්නද? උන් නීතියට උඩින් නේ. හතර කේන්දරේ පාළුවෙලා මහණ වුණා මදිවට බුදුදහම කෙලසනවා.
ත්රයා, රට පාලනය කිරීම සඳහා අපි තෝරා පත් කර ගත්තේ රජය මිස මහානායක හිමිවරුන් නොවේ. මෙම රජයට එය කළ නොහැකි නම්, අපි ඊට සුදුසු රජයක් තෝරා පත් කර ගනිමු.
බුද්ධ ධර්මයයි, රටේ නීතියයි කියන්නේ දෙකක් කියලාවත් දන්නේ නැති මේ වගේ මිනිස්සු නේ රට පාලනය කළේ. ඉතින් රට අරාජික වුණ එක අහන්නත් දෙයක්ද?
බොරදියේ බෑමත් ජීවත්වෙන ක්‍රමයක් තමයි
ඇයි අර 63 දෙනෙක්ව සිරගත කළානේ. ඒ අයගෙන් ඇහුවේ නැත්තේ ඇයි? මාර විපක්ෂයක් තමයි මේ රටට ලැබිලා තියෙන්නේ.
කොයි නායකයත් එළියට ආවේ අසවල් තැනින්ද? ඒ හැමෝටම නීතිය සමානයි කියන දේ තේරුම් ගන්න බැරි එවුන්ද මේ රට පාලනය කරන්න ඉල්ලන්නේ…?
මුන්ට අමු කැවිලද මේ ඔල්මාද කෙලින්නෙ, කොහේ තියෙන නිතියත්ද , රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පෙර කාගෙන් වත් අහන්නෙ, තොපේ ආන්ඩුවක් අාව දවසට එහෙම කරපල්ලා
ඔතන හරිනම් වෙන්න තිබුණේ, “මෙන්න මගේ චීවරය ගලවලා ගිහි ඇඳුම් අඳින්න යන්නේ. ඉන්න, පොඩ්ඩක් මගේ නිකායේ මහනාහිමිවරුන්ගෙන් අහන්න ඕනේ විනය රීති මොනවාද කියලා” කියන එකයි. මේ උන්නාන්සේලා කරලා තියෙන්නේ රජය අපහසුතාවයට පත් කරන්න කැමැත්තෙන්ම ගිහි ඇඳුම් අඳින්න ඉඩ දීලා හිටපු එකයි.
ඥාණසාර උසාවියට අපහාස කරන්න කලිං මහනායක උන්නාන්සෙලගෙන් අහන්න තිබුණ කියල කිව්වනං ඊට හොදයි නේද?
නෑ. රටේ නීතියට උඩින් සංඝයා ඉන්න බෑ. අහන්න එපා. සංඝයාත් නීතියට අනුව ජීවත් විය යුතුයි. බුදුහාමුදුරුවෝවත් ඉල්ලපු අයිතිවාසිකම් කොහොමද දැන් ඉන්න පෘථග්ජන චීවරධාරීන් ඉල්ලන්නේ? එහෙම පුළුවන්ද?
මරු උගතුන් UNP පක්ෂයේ ඉන්නේ,, එතකොට අධිකරණය තීන්දු ගන්න ඕන ආගමික ව්‍යාපාර වලින් අවසරය අරං ද????මරුවට තියෙයි එහෙනම් ,,ඔහොම ගියොත් කියයි අර හැම මගුලකටම අටවන් ඉන්න සංගම් (උදා- බස්රථ හිමියන්ගේ සංගමය) බස් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ආවොත් අධිකරණය පලමුවෙන් ගැමුණුගෙන් අහලා තමයි තීන්දුව දෙන්න ඕන,,, අපි උගතුන් කියලා අවුරුදු 76ක් ඹලුව උඩ තියන් හිටියෙ මෙ මැටි හරක් සෙට් එක ද??? අපේ පොඩි එවුන්ගේ වාසනාවට ආණ්ඩුව මාරු උනෙ...
රටේ නීතියට කොයි පූජ්‍ය පක්ෂයත් යටත්.ඒක නොදැන මහණකම කරන්න බෑ.