
(සුජිත් හේවාජුලිගේ)
රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරැණු පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා රදවා සිටින වාට්ටුවේ රැදවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය .
පැය 4ක පමණ කාලයක් ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව චාමර සම්පත් දසනායක මන්ත්රීවරයා ඊයේ දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය
ඒ අනුව මන්ත්රීවරයා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් දේශපාලනේට ඇව්ල්ල තියෙන්නෙ රට හදන්න නෙමෙයි. මුන් ඇවිලිල තියෙන්නෙ හොරකම් කරල සැප ගන්න, මේකව අවුරුදු 30 කට ඇතුලට දාල, හොරකම් ජනතා දේපල රාජසන්තක කරන්න
නෝනලා අකමැති නැත්තං ඉතින් ප්රශ්නයක් නෑ.
චාමරට අද බිම තමයි නිදාගන්න වෙන්නේ.
මරු නෙ !!; තනි තනිව රුපියල්, ඩොලර් මිලියන, ගනන් පිල්ලි ගැහුවා කියන චොදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මේ ගජයන් දෙන්නාට, එකම කුටියේ ලැගගෙන උන්ගේ මීළග මගඩි වැඩ සටහන් ගැන සාකච්ඡා කිරීමට මහගු අවස්ථාවක් උදාවී ඇති බව පැහැදිලිවම පෙනෙනවා !!! කොහොම උනත් මේ රංචුව වසර බොහෝ ගණනක් තිස්සේ රජයේ බොඩිමෙ කල්දේරම් බත් ගිලිමින්, යකඩ කූරු ගනන් කරමින් සිට එලියට එනවිට උන්ගේ මනස ශුද්ධ පවිත්රවී තිබේවා කියා අපි ඉතසිතින්ම පතමු !!!
චාමර මාමේ පොඩිඑකාට කරදර එහෙම කරන්ඩ එපා . ප්ලී.....ස්
තව එන්න ඉන්නව , සුන් බුන් විපක්ෂ රැස්වීම් වලට ලේසියි