IMG-LOGO

චමුදිතට එල්ල වූ ප්‍රහාරය ගැන අපක්‍ෂපාති පරීක්‍ෂණයක්

(යොහාන් භාසුර)

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවිටක දේශපාලන වශයෙන් මැදිහත් නොවන බවත් එම සිද්ධිය පිළිබඳව අපක්‍ෂපාති පරීක්‍ෂණයක් පැවැත්වෙනු ඇති බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (14) පැවසීය.

එවැනි සිද්ධීන් පිළිබඳව නියමිත යන්ත්‍රණය පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය හරහා ක්‍රියාත්මක වන බව කී අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යවේදියෙක්ට විරුද්ධව හෝ වෙනත් කිසිවෙක්ට විරුද්ධව හෝ නියම ක්‍රමවේදය ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ පැහැදිළිව අන්තර්ගත වෙලා තිබීම නිසා දේශපාලන බලපෑමකින් තොරව ඒවා ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

රට තුළ කිසිඳු මාධ්‍ය මර්ධනයක් නොමැති බව පත්තර සහ රූපවාහිනිය ඔස්සේ රජයට විරුද්ධව කරන විවේචන ප්‍රමාණයෙන් පැහැදිළි වන බවත් රජයේ හොඳ සියයට 10 ක් කියනවා නම් ඉතිරි සියයට 90 විවේචන බවත් අමාත්‍යවරයා කීය.  

අනුරාධපුරයේ පන්සල් කීපකට පසුගියදා ගිය අවස්ථාවේදී මිරිසවැටිය, ජයන්ති විහාරය ඇතුළු විහාරස්ථාන කීපයක ස්වාමීන්වහන්සේලා එම විවේචන පිළිබඳව අදහස් ප්‍රකාශ කළ බව කී අමාත්‍යවරයා සඳහන් කළේ එම නිසා මාධ්‍ය ආණ්ඩුව පැත්තට කටයුතු කරන්නේ යැයි කිසිවෙක්ට හේතුව සහිතව චෝදනා කළ නොහැකි බවත්ය.

ජීනිවා හෝ ඕනම තැන ඕනෑම කෙනෙක්ට පෙන්නන්න පැමිණිළි කිරීම රජයට ප්‍රශ්නයක් නොවන බවත් මාධ්‍ය නිදහස ජීවමාන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අවශ්‍යම ලක්‍ෂණයක් බවත් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

නීතිපතිතුමා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥායන් කැඳවලා අහවලා පිටිපස පන්නන්න, මේ විමර්ශනය කරන්න යැයි නියෝග දීමට වර්තමාන ආණ්ඩුවට සම්ප්‍රදායක් කිසිදිනක නොතිබුණු බව කී අමාත්‍යවරයා සඳහන් කළේ එම ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු සාක්‍ෂි තිබුණත් කමක් නෑ නැතත් කමක් නෑ අපි ඕන මොකක් හරි කරලා හරි නඩුව උසාවියට ගේන්න යැයි  එවකට පවසා ඇති බවත්ය. 

 



අදහස් (5)

චමුදිතට එල්ල වූ ප්‍රහාරය ගැන අපක්‍ෂපාති පරීක්‍ෂණයක්

sena Monday, 14 February 2022 05:23 PM

මෙතුමා කියන එක පිළිගන්න අමාරුයි... මොකද රජයට යන්තම් හරි සම්බන්ධයක් ඇති කෙනෙක් හිටියොත් නිදහස් කොට නිවැරැදි වෙනවා. විරුද්ධ පක්ෂයේ කෙනෙක් හිටියොත් නඩු නැතුවත් හිරේ දානවා, මධ්‍යස්ථ කෙනෙක් හිටියොත් නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. මේකයි මේ මහ පොළවේ අපි පහුගිය අවුරුදු දෙක හමාරටම දැක්ක යථාර්ථය...

:       0       4

ravin Monday, 14 February 2022 05:31 PM

මේ කියන දේ මුල, මැද, අග හොඳට තේරුම් ගන්නකෝ...!

:       0       3

Dasa P Monday, 14 February 2022 06:24 PM

දැන් පොලිසිය බාරව ඉන්නේ මෙයාද?

:       0       1

thilak Monday, 14 February 2022 06:42 PM

මේ සීයා හැරෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි...

:       0       3

wahaldeepe Monday, 14 February 2022 07:01 PM

අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්.... අපොයි ඔව් එහෙමම කරයි.. කියලා මූණ බැලුවාම කියන්න පුළුවන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site