IMG-LOGO

චීන සීත මාලිගා ලස්සන බලන්න එති

චීනයේ වාර්ෂිකව පැවැත්වෙන හාර්බින් ජාත්‍යන්තර තුසර සැණකෙළියේ අලංකාරය දැක බලා ගැනීමට අදික සීතල ද නොතකා දහස් ගණන් ඇදී ආහ.

1963 දී ආරම්භවී හැම වසරකම ජනවාරි මාසයේදී මෙම උත්සව සැණකෙළිය පැවැත්වෙන්නේ සීත ඍතුව කාලයේදී අධික සීතලක් ඇති හෙඉලෝන්ජියාන් ප්‍රාන්තයේ අගනුවරවන හාර්බීන් නගරයේය. 

රුසියාවේ සයිබීරියාවට යාබදව ඊසාන දිග චීනයේ පිහිටි එම පළාතේ කාලගුණය මෙකාලයේ සෙන්ටිග්‍රේට් රිණ 18 ට දක්වා අඩුවෙයි. එම අධික සීතල දේශගුණය නිසා හාර්බින් නගරය මැදින් ගලායන සින්ග්හුවා ගංගාවේ ජලය සම්පූර්නයෙන්ම කැටිගැසී මිදී යයි.

තුෂර සැණකෙළිය වර්ණවත්කිරීම සඳහා මනස්කාන්ත කැටයම් සහ මූර්ති නිර්මාණය කිරීමට අවශ්‍ය අයිස් ලබාගන්නේ මිදීගිය එම ගංගාවෙනි. 

ඉක්මනින් කරකවෙන දැවැන්ත යාන්ත්‍රික කියත් යොදා විශාල අයිස් කුට්ටි කපාගනු ලැබේ. එම අයිස් කුට්ටි යොදාගනිමින් විවිධාකාර නිර්මාණයන් ඉදිකරනුයේ සින්ග්හුවා ගංඉවුර දිගේය.

සැණකෙළිය පවතින කාලයේ දිනපතා පැවැත්වෙන ගිණිකෙළි සංදර්ශන නැටුම් ගැයුම් අදියෙන් උත්සවයේ චමත්කාරය තව තවත් වැඩිවෙයි.

අයිස් නිර්මාණයන් විවිධ වර්ණයන්ගෙන් අලංකාර කිරීම සඳහා අර්ධ සන්නායක ඩියොඩ විදුලි බුබුලු යොදා ගැනේ.

චීනයේ ඉන්නා දක්ෂතම මුර්ති ශිල්පීන්ගේ තම හැකියාවන් පෙන්වීමටද මෙම උත්සවය අවස්තාවක් කරගනී.

අධික සීතල නොතකා සැණකෙළියට පැමිණි සමහරු විනෝදයට බාගෙට මිදුණු ජලතටාකයන්ට පැන්නාහ.



අදහස් (0)

චීන සීත මාලිගා ලස්සන බලන්න එති

අනිල් Monday, 07 January 2013 02:50 PM

රුවන් සුද්දෙක් වගේ නේ (ස)

:       0       0

සරත් Monday, 07 January 2013 07:27 PM

නියමෙට ඇති (දී)

:       0       0

ශාන්ත Monday, 07 January 2013 09:03 PM

සීතලයි...... සීතලයි......

:       0       0

නිත්‍යා Monday, 07 January 2013 01:05 PM

ඡායාරූපයකුත් මේ ලිපියට එකතු කරන්නකෝ (ස)

:       0       0

රත්නායක Tuesday, 08 January 2013 11:16 AM

සංචාරකයෝ බොහෝ දෙනා එනවා ඇති (දී)

:       0       0

ලලිත් Monday, 07 January 2013 01:21 PM

ඡායා රූප හෝ වීඩියෝ දර්ශනයක් තිබුණනම් මේ ප්‍රවෘත්තිය ඉතාම වටිනවා (ස)

:       0       0

අතපත්තු Monday, 07 January 2013 05:09 PM

ලස්සනට ඇති

:       0       0

සම්පත් Monday, 07 January 2013 05:22 PM

රුවන් ඔයා හරි (දී)

:       0       0

කුමාර Monday, 07 January 2013 05:32 PM

මමත් ආසයි ඒවා බලන්න (දී)

:       0       0

රුවන් Monday, 07 January 2013 02:13 PM

"...අර්ධ සන්නායක ඩියොඩ විදුලි බුබුලු..." නැතුව LED කිව්වා නම් කාටත් තේරෙනවා නේද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site