IMG-LOGO

චීන කතක් බසයේදී දරුවකු බිහි කරයි

සිය තුන් හැවිරිදි දරුවා සමග චීනයේ  චෙන්ග්ඩු නුවර රෝහලට යමින් සිටි 39 හැවිරිදි වෑන්ග් ලියැයින් කිසිවකුගේ උදව්වක් නැතිව බසයේ දී දරුවකු බිහි කළාය. පළපුරුදු වින්නඹුවක ලෙස දරුවා පෙකෙනි වැලද සමග ඔසවා ගත් දරුවා දෙකකුල්වලින් උස්සා පසුපසට තට්ටු කර හුස්ම ගැනීම පහසු කළාය. ඒ සමගම දරුවා හැඩීය. බසයට නැඟුණු අවස්ථාවේම වාගේ ඇයට විළි රුදාවේ මූලික ලක්ෂණ මතු විය. බසයේ ආසනයේ වාඩි වී සිටියදීම දරුවා ඉපදුණු පසු මගියකු දරුවා උණුසුම් කිරීම සඳහා තුවායක් දුන්නේය. කාන්තාවට විළිරුදාව හැදුණු බව දැනගත් රියදුරා හැකි ඉක්මණින් බසරය රෝහල කරා ගෙන යද්දී පාරේ ගිය ගිලන්රථයක් නවත්වා ඇය බාර දුන්නේය. දරුවාත් මවත් ඉතා හොද සනීපයෙන් සිටින බව වෛද්‍යවරු කීහ. යාබද ආසනයේ වාඩිවී සිටි ඇගේ තුන් හැවිරිදි දරුවා ‘තිඹිරි ගෙයි‘ වූ සියල්ල දුටුවේය. ඒ ඒ ගැන ඔහුට තේරුමක් නොවීය. බසයේ ආරක්ෂිත කැමරාවල මේ දරු උපත සටහන් විය.



අදහස් (0)

චීන කතක් බසයේදී දරුවකු බිහි කරයි

කොස්වත්ත Saturday, 15 December 2012 06:21 PM

මෙන්න කාන්තාවන්.. චීනයේ තියෙන ආශ්චර්යය මේක වෙන්න ඇති..!(නු)

:       0       0

සිල්වා Saturday, 15 December 2012 06:24 PM

චීන කන්තාවන්ටමනේ වෙන්නේ (දී)

:       0       0

චීනා Saturday, 15 December 2012 06:49 PM

මිට කලිනුත් පාරේදී දරුවෙකු බිහිකල විඩීයෝ එකක් තිබ්බා (දී)

:       0       0

ලියනගේ Saturday, 15 December 2012 07:47 PM

සංවේදී පුවතක් (දී)

:       0       0

හසිත Saturday, 15 December 2012 08:12 PM

නුබ දිරිය මවක් අම්මේ බුදුසරණයි..!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 15 December 2012 08:25 PM

මට නම් මෙයා වීර කාත්තාවක්...!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 15 December 2012 08:26 PM

කොලොම්බස් උපත ලැබුවේ කොළඹ බසයක් තුල දීද ? (ස)

:       0       0

නිදහස් Saturday, 15 December 2012 08:32 PM

ලංකාවේදී මමත් මිතුරෙකුත් වයස 18 වගේ කාලේ කන්දක දුප්පත් පැලක කාන්තාවක් රෝහල් ගෙනියන්න දඬු මැස්සේ උස්සගෙන යද්දී අතරමගදී බබා ලැබුන. මම එයින් බොහෝ අත්දැකීම් ලැබුවා. හරිම අමාරු වැඩක්.(නු)

:       0       0

සදුනි Saturday, 15 December 2012 08:49 PM

දිරිය කාන්තාවකි.. මට ‘ගුඩ් අර්ත්‘ නව කතාව මතක් උනා..!(නු)

:       0       0

කුරුවිට Saturday, 15 December 2012 09:33 PM

මව සහ දරුවා නිදුක් නිරෝගීව වැජඹේවා..!(නු)

:       0       0

කමල් Sunday, 16 December 2012 01:51 PM

වචනයේ අර්ථයෙන්ම අම්මා කෙනෙක්. (නි)

:       0       0

අසේල Sunday, 16 December 2012 01:47 PM

දිරිය මවක්.බබාට අපි බස්තියන් කියල නම තියමු. (ස)

:       0       0

දිසා Monday, 17 December 2012 05:57 AM

මට එකපාරටම හිතුණේ ලංකාවේ කියලයි. (නි)

:       0       0

හේරත් Sunday, 16 December 2012 02:02 PM

ඔන්න මම නොකිවුවයි කියන්න එහෙම එපා. මේවා බලලා අපේ නෝනලා එහෙම මේවා අනුගමනය කරන්න යන්න එපා. (නි)

:       0       0

අමරා අයිරංගනී Saturday, 15 December 2012 11:21 PM

වාසනාවන්ත දරුවෙක්..!(නු)

:       0       0

චන්ද්‍රා Sunday, 16 December 2012 01:27 AM

තවත් චීන වැඩක්. (නි)

:       0       0

ජීවා Sunday, 16 December 2012 01:39 AM

මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒත් ඒ කාන්තාවට තිබුණු ධෛර්යය මට නම් නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 16 December 2012 03:11 PM

ඒ මවටයි දරුවටයි ධිර්ගායුෂ (දී)

:       0       0

නිලා Sunday, 16 December 2012 03:32 AM

බුදුසරණයි ඔබට (දී)

:       0       0

ප්‍රවීන් Sunday, 16 December 2012 04:20 PM

චීනයේ නිෂ්පාදිත (දී)

:       0       0

ප්‍රවීන් Sunday, 16 December 2012 04:25 PM

මේඩ් ඉන් චයිනා (ස)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 16 December 2012 07:39 AM

අපේ අම්මා මියගියේ අඩුපහසුකම් මැද දරුවෙකු ලැබෙන්න ගිහින්. ඒ අතින් මේ අම්මා කොච්චර වාසනාවන්තද? (නි)

:       0       0

හේරත් Monday, 17 December 2012 10:18 AM

ගුවන් යානයකදී වුණා නම් පුරවැසිකමක් ගන්න තිබුණා. (නි)

:       0       0

නිරං Sunday, 16 December 2012 08:36 AM

කොහොමද එහෙම වෙන්නේ (දී)

:       0       0

චවි Sunday, 16 December 2012 09:03 AM

දිරිය මවට අපේ උත්තමාචාරය (දී)

:       0       0

මෝරා Sunday, 16 December 2012 09:42 AM

අයි කලින් රෝහලකට ගෙනියන්න බැරි උනේ (දී)

:       0       0

ප්‍රියන්ත Sunday, 16 December 2012 06:58 PM

හොදයි. ඒත් මෙහෙම අවදානම් වැඩ හොද නැහැ නේද? (නි)

:       0       0

මුතුකුඩ Sunday, 16 December 2012 07:30 PM

ඉස්සර අපේ මවුවරැත් නිවාසවලම තමයි දරැවන් බිහිකලේ උදවුවට හිටියේ වින්නබු අමිමා විතරයි ඒකටත් ඒක්ක දැන් නර්සින් හෝම් ස්කෑන් එහෙම කරලත් දරැවා හෝ මව අසාධ්‍යය වෙනවා. දැන් වෛද්‍යවරුන්ගේ බඩවඩා ගැනීමේ කලාවක් වෙලා (දී)

:       0       0

අනුර Saturday, 15 December 2012 05:31 PM

කොහෙද අනේ උනේ..?(නු)

:       0       0

දයා සෞදි Saturday, 15 December 2012 05:53 PM

වාසනාවන්ත අම්මා සහ දරුවා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site