IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


චීනයේ හිටපු අගමැති ලී කෙකියැං අභාවප්‍රාප්ත වෙයි

චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කෙකියැං හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 68 කි.

ලී කෙකියැං, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූයේ පසුගිය මාර්තු මාසයේය. චීන කොමියුනිස්ට් පක්ෂ රජයේ, ජනාධිපතිවරයාගෙන් පසු දෙවැනිය බලවත්ම පුද්ගලයා වන්නේ අග්‍රාමාත්‍යවරයා ය.

ලී කෙකියැං අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දෙකක්, ජනාධිපති ෂී ජින්පින් සමඟ ඉතාමත් සමීපව කටයුතු කළේය.

කෙසේ නමුත් අවසන් කාලයේ ජින්පින් සහ කෙකියැං අතරේ මත ගැටුම් පැවැති බව වාර්තා විය. එම මත ගැටුම් හේතුවෙන්, ජනාධිපති ෂී ජින්පින්, අග්‍රාමාත්‍ය කෙකියැං දේශපාලනික වශයෙන් නිහඬ කළේ යැයි ද පැවැසිණි.

චීනයට වෙළෙඳපොළ ඉලක්ක කරගත් ප්‍රතිපත්ති හඳුන්වා දීමට උත්සාහ කළේ ලී කෙකියැං ය.

චීනයේ වත්මත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ලී කියැංග් ය. ඔහු එම ධුරයට පත් කරනු ලැබුවේ පසුගිය මාර්තු 11 වැනිදාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

චීනයේ හිටපු අගමැති ලී කෙකියැං අභාවප්‍රාප්ත වෙයි

Hafeel Friday, 27 October 2023 03:08 PM

දැන් අපේ පින් ජනාධිපතිට යන්න මළ ගෙයක් තියනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site