IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


චීනයෙන් රුපියල් මිලියන 40 ක කී‍්‍රඩා භාණ්ඩ එවයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන රජයෙන් පරිත්‍යාග කරන ලද කී‍්‍රඩා භාණ්ඩ තොගයක් පසුගියදා කොළඹ අරලියගහ මන්දිරයේදී ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වශයෙන් කටයුතු කරන වූ ජියාංහෝ මහතා විසින් විදෙශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාට බාරදෙන ලදි.
රුපියල් මිලියන 40 කට වැඩි වටිනාකමකින් යුත් මෙම කී‍්‍රඩා භාණ්ඩ සියල්ලම යුද්ධය පැවති සමයේ අපහසුතාවන්ට මුහුණ දුන් උතුරු පළාතේ කිළිනොච්චි සහ මුලතිව් දිස්ත‍්‍රික්ක වල පාසල් අතර බෙදා දීමට නියමිතය. ඒ සඳහා වන ගිවිසුමට ශ‍්‍රී ලංකාවේ චීන තානාපති වශයෙන් කටයුතු කරන වූ ජියාංහෝ මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා අත්සන් තැබූහ.
අරලිය ගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදී අඳහස් දැක්වූ වූ ජියාංහෝ මහතා කියා සිටියේ තමන් මීට මාස කිහිපයකට පෙර යාපනය ප‍්‍රදේශයේ චාරිකාවක නිරත වූ බවත්, එහි දියුණු වීමට තවත් බෙහෝ දේ තිබෙන බවත්ය. තවදුරටත් අදහස් දැක්වූ චීන තානාපතිවරයා කියා සිටියේ යුද්ධය නිමාවීමෙන් පසු ගෙවී ගිය කෙටි කාලය තුළ ශී‍්‍ර ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබදව තමා මහත් සෙයින් සතුටට පත්වන බවය.  
මෙම කී‍්‍රඩා භාණ්ඩ භාරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාද පැමිණ සිටියේය.



අදහස් (0)

චීනයෙන් රුපියල් මිලියන 40 ක කී‍්‍රඩා භාණ්ඩ එවයි

අචිනි Monday, 21 January 2013 02:06 PM

චීනයේ කුණු‍ ගොඩ දැන් අපේ රටයි (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 20 January 2013 06:42 PM

ඔක්කොම උතුරටද ?(ස)

:       0       0

දිනේෂ් - සෞදි Monday, 21 January 2013 05:19 PM

අචිනි මොනවද මේ කියන්නේ. මේ තියෙන්නේ කුඩු ගොඩක් නෙමෙයි අපේ රට් දරුවන්ගේ ක්‍රීඩාව සඳහා ලැබුණු ආධාරයක් (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 20 January 2013 01:03 PM

මේකට ක්‍රීඩා ඇමති තුමාවත් සහභාගි කරවා ගත්තනම් නේද හොඳ ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site