IMG-LOGO

චිකාගෝ සීරියල් ජවනිකාවක් දෙහිවල මහපාරේ

දෙහිවල ඉග්නීෂයම් පාරේ දී සැකකටයුතු කාරයක රෝදවලට වෙඩි තැබූ පසු පොලිස් වෑන් රියකද හප්පා යමින් තිබූ කාරයේ සිටි දෙදෙනාගෙන් අයකු පාරේ ගිය බසයකට නගිද්දී අල්ලා මෙල්ල කළ පොලිසිය ඔහු ළඟ තිබී රුපියල් ලක්ෂ 30ක හෙරොයින් කුඩුද රුපියල් ලක්ෂ හත හමාරක්ද ගිනි අවියක්ද රන්බඩු තොගයක් ද අත්අඩංගුවට ගත් බව කියයි.

ලැබුණු ඔත්තුවක් අනුව පොලිසිය පාරේ රැක සිට ඇත. පොලිස් අණ නොතකා ගිය කාරයට වෙඩි තැබූ විට පොලිස් රිය හප්පා ධාවනය කළ රිය හඹා යෑමට පොලිස් මෝටර් සයිකල්කරුවකු ගියේය. සැකකරු බසයකට නගිද්දී ඔහු අල්ලා ගත් බව පොලිසිය පවසයි.

මහ දහවල් මහපාරේ ත්‍රාසජනක චිත්‍රපටයක ජවනිකාවක් සේ බොහෝ දෙනෙක් නැරඹූහ.

කාරය හා රියදුරා පළාගොස් ඇතැයිද පොලිසිය කියයි. එහෙත් ඔහු පිළිබඳ සියලු තොරතුරු තමන් සතු බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

චිකාගෝ සීරියල් ජවනිකාවක් දෙහිවල මහපාරේ

ටෙනිසන් Wednesday, 08 June 2016 12:07 PM

රෝද වලට හරියටම වෙඩි තියලා ඇති (නි)

:       0       0

දර්ශන Wednesday, 08 June 2016 12:10 PM

යහපාලනයෙන් රට ගොඩක් සංවර්ධනය කරලනේ තියෙන්නේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 08 June 2016 12:10 PM

යහපාලනය හොරුන්ට පාතාලයන්ට දිව ඔසුවක් වෙලා වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

උපාලි Wednesday, 08 June 2016 01:02 PM

රොමේෂ් හරි. (ර)

:       0       0

මැගිලින් Wednesday, 08 June 2016 10:57 PM

පාතාලය ඇති කරන්නෙත් පෝෂණය කරන්නෙත් සමහර බලවත් යැයි කියන දේශපාලකයෝම තමා. (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 08 June 2016 11:25 AM

රටක සංවර්ධනයට රටක දියුණුවට අනාගත පරපුර බේරාගන්න නම් පාතාලයට සම්බන්ධ,පාතාලය මෙය වන මහා මොළකරුවන් සහ මුලින්ම නැති කරන්න ඕනේ (ම)

:       0       0

රොමේෂ් Wednesday, 08 June 2016 11:28 AM

මෙච්චර ඔත්තුවක් ලැබිලාත් වටකරලා ඔක්කොම අයව අල්ලගන්න බැරිවුණානේ. මේවා චිකාගෝ නෙමෙයි අස්සයා ගෝන්. කොහොම නමුත් එකෙක්ව හරි අල්ලගන්න ලැබුණ එක ලොකු දෙයක්. (ම)

:       0       0

ලක්ෂීත දයාරත්න Wednesday, 08 June 2016 11:33 AM

දැන් ලංකාවත් ගොඩක් දියුණුයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 86 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 672 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site