IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඝාතන කුමන්ත්‍රණය ගැන පොලිස් කොමිසමේ ලේකම්ගෙනුත් ප්‍රශ්න කරයි

තරිඳු ජයවර්ධන
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්   ඩී එම් සමන් දිසානායක මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි.

 
සමන් දිසානායක මහතා අද (05) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටි අතර එහි මිනීමැරුම් විමර්ශන අංශයේ නිලධාරීන් පැය තුනකට ආසන්න කාලයක් ඒ මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
 
ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියකුට එරෙහිව කළැයි කියන ප්‍රකාශයක් ද දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයේ නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් හඬපටවල තිබී ඇති  බවත්, රහස් පොලිසිය ඒ ගැන පොලිස් කොමිසමේ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ තමා නාලක සිල්වා මහතා සමඟ කිසිම පුද්ගලික අමනාපයක් නැති බවයි. නාලක සිල්වා මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණිල්ලක් කළ බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සමන් දිසානායක මහතා ප්‍රකාශ කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට හෝ කොමිසමට එරෙහිව කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත්තේ ඇයිදැයි තමා නොදන්නා බව ද ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
 
මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.



අදහස් (4)

ඝාතන කුමන්ත්‍රණය ගැන පොලිස් කොමිසමේ ලේකම්ගෙනුත් ප්‍රශ්න කරයි

OMG Friday, 05 October 2018 05:12 PM

මෙගා නාට්‍ය කොටස් වශයෙන් පලවෙනවා.

:       0       41

Chanak Los angelesFriday, 05 October 2018 09:05 PM

මම නම් කියන්නේ ජනතාව මේවා ගැන හිත හිත දුක්වෙන්නේ නැහැ. මොවුන් මේවා ජනතාවට බලෙන් ඇඟට පටවලා රටේ ප්‍රශ්න අමතක කරවන්න වෙහෙස දරනවා

:       0       6

Chanak Los angeles Friday, 05 October 2018 08:59 PM

අපිට නම් මේ දේවල් වලට වඩා වටින්නේ මුදල් ඒකකය කඩා වැටෙමින් ජනයාට විඳින්න වෙන පීඩාව පිළිබඳව සිතීමයි

:       0       8

Hafeel Saturday, 06 October 2018 11:30 AM

මේකත් අර විජය කළාගේ පරීක්ෂණ වගේ නොවේවා.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site