IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගෝඨාගේ නියෝගය වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක්

(මනෝප්‍රිය ගුණසේකර)

හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ රැදවුම් නියෝගය නීති විරෝධී බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් කඩවු කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයට අද නියම කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයක් නොමැතිව රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම මගින් පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයට නියම කළේය.

හෙරොයින් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හේනේගම, පොකුණුවිට පදිංචි එම්.කේ. ප්‍රියදර්ශනී මදුරප්පෙරුම මහත්මිය ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, දිලීප් නවාස් සහ මහින්ද සමයවර්ධනය යන මහත්වරුන් හමුවේ පෙත්සම විභාග කෙරිණී.

 



අදහස් (5)

ගෝඨාගේ නියෝගය වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක්

කව්ද බෝයි Tuesday, 18 March 2025 07:38 PM

තනතුරේ ඉන්නකොටත් කලේ රිවර්ස් කරන එක විතරමයි. කරුමෙක මහත කියන්නෙ, ගෙදර ගිහිල්ලත් රිවර්ස් කරන එක නතර වෙලා නෑනෙ.

:       2       5

ජිල්බු Tuesday, 18 March 2025 07:39 PM

වැරදි කෙරුවොත් කපලදාන්න ඕන. ලකුණු -- වෙන මොනවත් එහෙම හිතන්න එපා.

:       2       2

පිටිගල මිලානෝ Tuesday, 18 March 2025 07:50 PM

ගෝඨාගේ මෝඩකං ගැන අහන්න ඕනේ ලොස් ඇන්ජලිස් පැත්තේ ලංකාවේ මිනිස්සුන්ගෙන්…..

:       1       3

Perera Wednesday, 19 March 2025 12:43 AM

ගැණියෙක් පිරිමියෙක් කරන්නටත්, පිරිමියෙක් ගැණියෙක් කරන්නටත් විතරක් බෑ කිව්ව ජනපතිට බලාගෙන ගියාම මෙහෙම නියෝගයක්වත් දෙන්න බලයක් නැහැ. එහෙමනම්?

:       0       3

fairoos Wednesday, 19 March 2025 12:13 PM

ලංකා ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කරපු ජනපති

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site