( ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා " කුෂ්" සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු පථ අංක 05 අසළ පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.
'' කුෂ්" මත්ද්‍රව්‍ය ග්‍රෑම් 422 ක් සහ " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 262 ක් වෙන වෙනම අසුරා තිබී ඇත .
මෙම වැසිකිළියෙහි සේවය කළ සේවකයා අද (20) අලුයම 01.30 ට පමණ දැක , ඒ පිළිබද මුළින්ම කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ .
පසුව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කර මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගුවන් තොටේ වැසිකිලියකින් කුෂ් තොගයක් අල්ලයි