IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වේ

(ජේ ඒ එල් ජයසිංහ සහ නිමල කොඩිතුවක්කු)

රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවී සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට එක් වන බව පැවැසුවාය.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂක නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහයෝගය පළ කරන බව ඇය එහිදි සඳහන් කළාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඇය වත්මන් රජයේ කාන්තා හා ළමා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසින් කටයුතු කරනු ලබයි.

 



අදහස් (22)

ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වේ

duplicate ralahami Monday, 09 September 2024 05:54 PM

ඔබතුමියට දූෂණ, වංචා නැති නිසා ජනතාව සතුවෙයි.

:       0       0

Manjula Pradeep Monday, 09 September 2024 05:57 PM

මරු විකාරය මගේ මේ මනුස්සයා වටේම ඉන්න හිටපු මැති ඇමැතිලා, පොලිසියේ හමුදාවල ඉහළ තනතුරු දරපු අය, ‍ක්‍රීඩාවට සම්බන්ධ හා ප්‍රසිද්ධ සියලු දෙනාම හා සුළු ජාතික පක්ෂවල අය ඡන්ද සීය දෙසීයට ගොඩගහගෙන එකතු කරගත්තාට පස්සේ දැනට පක්ෂයේ ඉන්න මිනිස්සුන්ට ජාතික ලැයිස්තුවේ නම් ඉඩක් නම් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂක ලැයිස්තුව හදන්න ගියාම පක්ෂ කාටවත් ඉඩ ඉතුරු වෙන එකක් නැහැ. පක්ෂෙට වැඩ කරපු ඡන්ද ඉල්ලන්න බලාගෙන ඉන්න සේරම ඔලුව කල්පනා කරලා ලිස්ට් එක හදලා බලලා දැම්මාම පැත්තකට වෙන එක හොඳයි. මට හිතෙන්නේ පස්සේ හිත නරක් කරගන්නවාට වඩා...

:       37       71

Prabha Monday, 09 September 2024 05:57 PM

21න් පස්සේ පාලම යට තමයි...!

:       73       85

විජිත් Monday, 09 September 2024 06:06 PM

එහෙට මෙහෙට පනින ගෙම්බෝ හිටියා අපි දැක්කා. මේ පැනපු දෙවෙනි ගෙම්බි. පළවෙනි එකී පවිත්‍රා. 22 දාට ඔය ඔක්කෝම දාලා සජිත් පුත්‍රයා යාල වනයට පනින පිම්ම බලන්නකෝ. සමහරු කියනවා මිනිහා මහණ වෙනවා කියලා. ඒත් බුදුන්වහන්සේගේ ප්‍රතිමාවල පපුවට ඩයිනමයිට් දාලා පුපුරුවලා නිධන් ගත්තු පව්කාරයා .. මහණ වෙයිද?

:       62       79

Nelu Monday, 09 September 2024 10:21 PM

@විජිත්. මොකක්ද ඒ බුදු පිළිමවලට ඩයිනමයිට් දාපු කතාව. ඒ කරේ කොහේද? නිදන්වදුල හොයාගෙන නිධන් හාරපු කතා අහලා තියෙනවා. මූලධර්මවාදී සංවිධාන වලින් සල්ලි අරන් පන්සල් ඇල්ලුවා කියලා සජිත් හම්බන්තොට හිටි කාලයේ අහලා තියෙනවා. හැබැයි අදයි දැනගත්තේ මේ ඩයිනමයිට් කතාව. මනුස්සයාගේ ඇත්ත කතාව දැනගන්න අයිතියක් තියෙන නිසා ඔය දේවල ඇත්ත නැත්ත කියන්න පුළුවන් නම් හොඳයි.

:       0       0

අරවින්ද මොනරවිල Monday, 09 September 2024 06:10 PM

අනුර ඡන්ද එකතු කරන විට සජිත් නම් එකතු කරමින් මාලිමාවේ ජය තහවුරු කරනවා, තැන්ක්ස් සජිත්...!

:       0       0

Sarath Amunugama Monday, 09 September 2024 06:11 PM

දැන්නම් ඉතිං සජිත් පරද්දන්න බෑ...

:       0       0

Rata Perata Monday, 09 September 2024 06:20 PM

ඔය මොන මැක්කෝ මැක්කියෝ කොහේ පැන්නත් වෙනසක් නැ කියන එක නම් පැහැදිලියි

:       0       0

chandima Monday, 09 September 2024 06:38 PM

එයා දැන් දන්න කාලේ ඉඳන් වේදිකා කීයකට ගොඩවුණාද?

:       0       0

Gunendra Monday, 09 September 2024 06:44 PM

රනිල් ගේ පැත්තෙ කාන්තාවන් වැඩි නිසා සහ ගයන්ත ගියොත් බෙන්තරින් ගොඩ යන්න ගහපු බල්ටියක්....!

:       0       0

උකුස්සා Monday, 09 September 2024 07:13 PM

යන්න පුළුවන් දෙන්නටම දඩයමේ 22 වෙනිදා...!

:       48       48

අමල් Monday, 09 September 2024 07:19 PM

හෑන්ඩ් බෑග් එක නම් ලක්ෂ ගාණක් වටිනවා කියලා කිව්ව හැකියි...!

:       40       46

Siri Monday, 09 September 2024 07:44 PM

දිනලා හමාරයි.

:       56       41

saman Monday, 09 September 2024 08:29 PM

මහින්දව එපා කියලා රනිල් ගාවට ගියා නේද කප්පම් ගෙම්බා සහ පිරිස සමග​? මොකද වුනේ එහෙන් ආපහු ආවේ...?

:       57       38

BP Monday, 09 September 2024 08:35 PM

මගේ කුට්ටිය වැඩි කරලා දෙන්න පුළුවන් නම්, ඕනෑම පක්ෂය ඕනෑම දූෂිත හොරෙකුට මාත් එක්ක එකතු වෙන්න පුළුවන්, පුතාණෝගේ සජබේට. දැන් පට්ට හොරු, වංචාකාරයෝ, දූෂිතයෝ එකතුවෙලා සජබේ අල්ලනවා.. ජයවේවා.. ජයවේවා..!

:       58       44

චන්දිම Monday, 09 September 2024 09:06 PM

අනේ මන්දා දැන් නම් මේ මට හිතෙන්නේ දියවැලට අහුවෙලා ගහගෙන යන මේ මිනිස්සු ගොඩවෙන්න තියෙන ලී කොටයකට නැග ගන්නවා වගේ තමයි සජබෙට එකතු වෙන්නේ. අන්තිමේදී මේ ඔක්කෝමත් එක්ක කොටේ ගිලෙන්න ගත්තාම සජිත්ට වෙන්නේ මහා අවුල් ජාලයකට මුහුණ දෙන්න.

:       41       50

duplicate Ralahami Tuesday, 10 September 2024 12:00 AM

ඔය කියන එක දේශපාලුවෙක්වත් හරි අනුරට හරි රනිල් හරි එකතු වුණානම් බලන්න තිබ්බා ....

:       0       0

මාලින්ග Tuesday, 10 September 2024 12:43 AM

මෙයා සජිත්ගේ වේදිකාවට නැග්ග කියන්නේ චන්දේ ඉවරවෙද්දි අනුරගේ දිවුරුම් දීම බලන්න එන්න වෙන්නේත් රෝද පුටුවකින් තමයි. එනිසා වැඩිපුර මැතිවරණ උපදෙස් ගන්න යන්න එපා

:       0       0

සෙනෙවිරත්න Tuesday, 10 September 2024 08:57 AM

ගාල්ලේ පොහොට්ටුවෝ මේ පඩංගුවට කැපිලි දාපු නිසා ඕනෑම ගෙරි කුණක් කරගහන සජිගේ ඔඩොක්කුවට පැන්නා. සජීට තියෙන්නේ පනින්න බලාගෙන ඉන්න ගයන්ත වෙනුවට බෙන්තර ඇල්පිටියට ඔය පඩංගුව පත්කරන්න...

:       0       0

Ama Tuesday, 10 September 2024 09:51 AM

මේ විකාරවලට අකමැති නම් තිත තබන්න කාලය හරි. තීන්දුව වගකීමක් ඇති පුරවැසියන් අතේ.

:       0       7

ddd Tuesday, 10 September 2024 11:38 AM

ඔබගේ වටිනා ඡන්දය රටේ අනාගතය ගැන හිතලා අනුර කුමාරට දෙන්න.... එතුමාව විශ්වාස කරන්න... අනිත් අය සේරම එකයි

:       3       6

විජිත් Tuesday, 10 September 2024 04:50 PM

#මාලිමාවට චන්ද කෝටියක් # ජාතිකජනබලවේගයට ජයවේවා . අනුර කුමාරදිසානායක සහෝදරයා ජනාධිපති !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 505 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site