ගාසා තීරයේ උග්‍ර ආහාර හිඟයක් ඇති වී තිබෙන බවත් ගසා තීරයේ ජබලියා සරණාගත කඳවුරේ ප්‍රමාණවත් පරිදි ආහාර නොමැතිවීම හේතුවෙන් එහි සිටි අශ්වයන් දෙදෙනෙකු ඝාතනය කර සිය දරුවන්ගේ කුසගින්න නිවීමට දෙමාපියන් පෙළඹී ඇති බවත් පලස්තීන මාධ්‍ය වාර්තා කළේය.
සිය දරුවන් කුසගින්නේ මියයාමට නොදී බේරා ගැනීම සඳහා වෙන විකල්පයක් නොතිබූ බව එම දෙමාපියන් පවසා ඇත.
තමන්ට කුසගින්නේ සිටිය හැකි වුවත් වයස අවුරුදු 4 - 5 වයස් වල සිටින සිය දරුවන් කුසගින්නේ නින්දට ගොස් කුසගින්නේ අවදිවනු දැකීම දෙමාපියන් වශයෙන් දරාගත නොහැකි බව ඔවුහූ ප්‍රකාශ කළහ.
එසේම උතුරු ගාසා තීරයේ මාස දෙකක් පමණ වයසැති පලස්තීන ජාතික බිළිඳකු ප්‍රමාණවත් ආහාරයක් නොලැබීමෙන් ශරීරය දුර්වලවීම හේතුවෙන් මිය ගොස් ඇති බවද පලස්තීන මාධ්‍ය වාර්තා කළේය.
මහමුද් ෆටූ නම් මෙම බිළිඳා පසුගිය සිකුරාදා අල් ශිෆා රෝහලේදී මියගොස් ඇති බව පලස්තීන මාධ්‍ය සඳහන් කළේය.
ළමා මරණ වැඩිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා දවස් කිහිපයක් ගතවෙත්ම මෙම මරණය වාර්තා විය.අල් ශිෆා රෝහලේ ඇඳක් මත හුස්ම ගැනීමට උත්සාහ දරන එම දරුවාගේ වීඩියෝවක් ලැබීමෙන් මෙම සිදුවීම තහවුරුකර ගැනීමට හැකි වූ බවද අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගාසා තීරයේ ආහාර හිඟයක්