(යොහාන් භාසුර)
අරලිගහ මන්දියර සහ ගාලුමුවදොර ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්ෂක අංශ ප්‍රධානියා, අරලියගහ මන්දිරයේ උත්සවයේ සම්බන්ධීකාරක සහ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
එම සිද්ධීන් පිළිබඳව විමර්ශන කරන ලෙස නීතිපතිවරයා කළ නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන්කරගන්නා බවත් ඉදිරියේදී තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන්කරගැනීමට නියමිත බවත් පොලිසිය සඳහන් කළේය.
COMMENTS
රට පුරා මේ හැටි විනාශයකට මුල පුරන්න අණ දීපු නියෝජ්‍ය පොලිස්පති තවම නිදැල්ලේ.., මේ යටත් නිලධාරි විතරක් කැඳවලා බොරුවට ප්‍රකාශ ගන්නවා. හරි පොලිස්පති කෙනෙක් නම් මෙලහකට මේ නියෝජ්‍ය පොලිස්පතිගේ වැඩ තහනම් කරලා...!