(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පසුගිය 9 වැනි දින  ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා සමාජ මාධ්‍ය  ජාල භාවිතා කරමින් යම් පිරිස් එම සිද්ධීන් සඳහා කැඳවු සමාජ මාධ්‍ය ජාලා 59 ක් සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 59 කු හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල්  තල්දූව මහතා පැවසීය.

එම පුද්ගලයන් දිවයිනෙන් බැහැරව සිටියත් මෙම අපරාධ සඳහා ඔහුට එරෙහිව කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය

එකී පුද්ගලයන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ චෝදනා කිරීමේ හැකියාව තිබෙන බවත් පාසල පහකට නොවැඩි සිර දඩුවමකට යටත් කිරීමට හැකියාව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය