IMG-LOGO

ගිහාන් පිලපිටිය අනුරාධපුරයට : කාවින්ද්‍රා නානායක්කාර පූගොඩට

අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අනුව ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන් හා ම‍හේස්ත්‍රාත්වරුන් 70 දෙනකු ස්ථාන මාරු කර ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව කියයි.

මෙම ස්ථාන මාරු පිළිබද අභියාචනා ඇත්නම් ලබන 25 වැනිදාට පෙර ලැබෙන්නට සලස්වන ලෙස ද අධිකරණ සේවා කොමිසම දැනුම් දී ඇත.

මෙම ස්ථාන මාරු අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අනුරාධ පුර දිසාවිනිසුරුවරයා ලෙස ස්ථාන මාරු කර ඇති අතර අනුරාධපුර දිසා විනිසුරු එල් ආර් බණ්ඩාර මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස මාරු කර තිබේ.

ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍රා නානායක්කාර මෙනවිය පූගොඩ දිසා විනිසුරුවරිය ලෙස ස්ථාන මාරු කර ඇත. පූගොඩ අතිරේක දිසා විිනසුරු ඩී ඒ රුවන් පතිරණ මහතා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කර තිබේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් සම්බන්ධ පැමිණිල්ල විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ගාල්ල මහේස්ත්‍රාත් ලෙස පත් කර තිබේ.

ස්ථාන මාරු කළ අධිකරණ සේවා නිලධාරීන්ගේ ලැයිස්තුව පහත වෙබ් අඩවියෙන්.

http://www.jsc.gov.lk/web/images/pdf/transfers/atofjo2017.pdf

 

 



අදහස් (0)

ගිහාන් පිලපිටිය අනුරාධපුරයට : කාවින්ද්‍රා නානායක්කාර පූගොඩට

කෝනාර Monday, 14 November 2016 01:18 AM

ඡන්දය දෙන්නේ කාටද කියන එකයි ජනතාවට අැති ප්‍රශ්නය. (නි)

:       0       0

නීලා Monday, 14 November 2016 01:23 AM

පහුගිය කට්ට්ය හොරකම් කළ නිසා එපා වුණා. මේ අය හොරු අල්ලන්නෙ නැති නිසා එපාවුණා. ඒ නිසා දැන්වත් හොරකම් නොකරන, කළ හොරකම් අල්ලන ජවිපෙ වගේ එකකට බලය දෙන්න කාලය හරි. ජවිපෙ එයට සූදානම්ද කියන එකයි තියෙන්නේ. ජවිපෙට බැරිවෙන එකක් නැහැ (නි)

:       0       0

ෂෙහාන් Monday, 14 November 2016 01:47 AM

ඉවසා බලමු, වෙනස කෙසේද කියා (නි)

:       0       0

දිලන්ක Monday, 14 November 2016 02:13 AM

දියුණු රටවල මේ කෝළම් නැහැ. නඩුකාරායෝ නිතරම මාරුකරනවා. ඒ අයත් දේශපාලන රැල්ලට අහුවෙලා (නි)

:       0       0

සත්‍යයා Monday, 14 November 2016 02:14 AM

වාර්ෂික ස්ථාන මාරු අනුව සිදුවෙනවා නම් මේ නම් ඇති නඩුකාරවරුන් ගිය වසරේ මාරුවීම් ලැබූ බවක් අපට මතක නැහැ. සුවිශේෂී මාරුකිරීම තමා රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් සම්බන්ධ පැමිණිල්ල විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ගාල්ල මහේස්ත්‍රාත් ලෙස පත් කිරීම. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (නි)

:       0       0

චාමර Monday, 14 November 2016 03:00 AM

මේ රටේ ජ.වි.පෙ පාලනයක් එන්න ඕනෑ රට හදන්නනම්. අනික් සේරම හොරුන්ගෙත් හොරු කම්බ හොරු. (නි)

:       0       0

නිමල් Monday, 14 November 2016 03:52 AM

හැමෝම කියනවා ජවිපෙ පාලනයක් එන්න ඕනෑ කියලා. නමුත් ඡන්දෙ දවසට ගිහින් දානවා වෙන එකකට. මේක තමයි මහා ඛේදවාචකය. ජවිපෙට එක් වතාවක් දීලා බලමු කියන අදහසේ තමයි මම නම් ඉන්නේ (නි)

:       0       0

සමන්ති Monday, 14 November 2016 03:55 AM

දැනට තියෙන ප්‍රධාන පක්ෂ දෙකේ අයගෙන් වැඩි හරියක්ට සා/පෙළවත් නැහැ. ඒත් ආණ්ඩු කරනවා. ඇමතිකම් දරනවා. සාකච්ඡාවල ඇවිල්ලා කතා කරනවා. උගත් ජවිපෙ අයට මේක මිටවඩා හොඳට හොරකම් නැතුව කරන්න බැරි වෙන්න විදියක් නැහැ. ඇයි අපේ රටේ මිනිස්සු මේක තේරුම් නොගන්නේ? මම එදා ජවිපෙට අකැමැති වුණාට දැන් තියෙන ජවිපෙට කැමතියි. උගතුන්ගෙන් හොරකම් නොකරන අයගෙන් රටට වැඩක් ගතයුතුයි (නි)

:       0       0

සුසිල් Monday, 14 November 2016 04:01 AM

අඩු තරමින් දැන් දොස්තරලගෙ, නඩුකාරවරුන්ගෙ මාරු ලැයිස්තුවක්වත් ප්‍රසිද්ධ වෙනවා. (නි)

:       0       0

යොෂාන් Monday, 14 November 2016 04:17 AM

ප්‍රධාන පක්ෂ දෙකේ අයගෙන් වැඩි හරියකට සා/පෙළවත් නැහැ. ලක්ෂ ගණන් වැටුප්, වසර 5 න් විශ්‍රාම වැටුප්, වාහන, ඉන්ධන , නිල නිවාස ඇතුළු සියළුදේ නීතිමය වශයෙන් ගන්නවා. අනේ ඒත් අපි කතා කරන්නේ “ගරු මැතිතුමා“ එතුමා, එතුමිය කියලා. මේවා මාධ්‍ය මඟින් හෝ වෙනස් කළයුතුයි. අපේ සල්ලි වලින් යැපෙන අපෙන් ඡන්දෙ අරන් ගිය අයට අපි ඇයි දෙකට නැමෙන්නේ. (නි)

:       0       0

බුද්ධික Monday, 14 November 2016 04:20 AM

නිමල් හරි. වෙන එකකට ඡන්දය දාලා ඇවිල්ලා බලා ඉන්නවා ජවිපෙ පාලනයක් එනකම්. ඡන්ද අඩු වුණාම කියනවා “බලන්නකෝ මිනිස්සු ඡන්දෙ දීලා නැහැනේ “ කියලා. ඒ කියන කෙනත් වෙන එකකට දාලා ජවිපෙ දිනනකම් බලා ඉඳලා තියෙන්නේ (නි)

:       0       0

අශේන් Monday, 14 November 2016 04:38 AM

බුද්ධික ඇත්තම ඇත්තයි.(හේ)

:       0       0

කාන්ති Monday, 14 November 2016 04:40 AM

මාරු ලැයිස්තුවක්වත් ප්‍රසිද්ධ කරන එක නෙමෙයි මෙච්චර ජරමරයක් කරලා ආණ්ඩුව මාරු කරගත්තේ ජනවාරි 8 වෙනිදා. මිට වඩා කොච්චර දේවල් මේ රට හදන්න නිතිගරුක බව රකින්න කරන්න පුළුවන්ද?(හේ)

:       0       0

නාමල් Monday, 14 November 2016 05:38 AM

හොද තීරණයක්, අධිකරණය පමණක් නොව ලංකාවේ තිබෙන සියලුම ආයතන මේ වාගේ ස්ථානමාරු ලබා දිය යුතුය. (ම)

:       0       0

පද්මිණි Monday, 14 November 2016 05:41 AM

ජවිපෙට කාලය ඇවිත්. උගත් තරුණ නායකයින්ට බලය දෙන්න. අපේ සුන්දර රට ගැන අපිට කණගාටුයි. (ම)

:       0       0

සුසන්ත Sunday, 13 November 2016 02:16 PM

බලමු මේ වෙනස සුභවාදී වෙයිද කියලා (නි)

:       0       0

දහම් Sunday, 13 November 2016 02:27 PM

මේ වගේ මොන මොන දේවල් කළත් ආණ්ඩුව නම් ජනතාවට හොඳටම එපාවෙලා. ඡන්දයක් තිබ්බොත් නම් ඇපත් නැහැ. (නි)

:       0       0

ටෙනිසන් Sunday, 13 November 2016 02:30 PM

සුබ පැතුම්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 501 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 323 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 489 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site