IMG-LOGO

ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක්

2016-05-27-ent-11

මේ දිනවල ප්‍රදර්ශනය වන අශෝක හඳගම තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළ "ඇගේ ඇස අග" චිත්‍රපටයේ විශ්වවිද්‍යාල සිසුවියක ලෙස ප්‍රධාන චරිතයෙන් ප්‍රේක්ෂක අවධානයට ලක්වූ නිළි රිතිකා කොඩිතුවක්කු සමග "තරුණයා" කළ සංවාද සටහනකි මේ.

 

2016-05-27-ent-09පළමු රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ මගේ පළමු රංගනය. එයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන සතුටුයි.

 

ඔබ නිළියක් වෙන්න ආසාවෙන් හිටිය කෙනෙක්ද?

ඇත්තටම මම නිළියක් කියලා කියන්නෙ නැහැ. මේ මගේ පළමු රංගනය. මේ වගේ චිත්‍රපට රංගනයක් ගැන කවදාවත්ම මම සිහින මවලා නැහැ.

 

එහෙමනම් මොනවගේ සැලසුමක්ද හිතේ තියෙන්නේ?

මගේ ජීවිතයේ ලොකු සැලසුම් නැහැ. මම වර්තමානය ගැන හිතමින් ඒ තුළ සතුටින් ජීවත්වෙන කෙනෙක්. වචනකින් හරි තව කෙනෙක් සතුටු කරන්න කැමති කෙනෙක්.

 

සිනමාවට පැමිණි ගමන ගැන කිව්වොත්?

සිනමාවට ආවෙ අහම්බෙන්. කලක් මම නිරූපිකාවක විදියට වැඩකළා. ඒ වැඩවලදි හමුවුණ අමල් අල්විස් හා මංජුල පෙරේරා තමයි "ඇගේ ඇස අග" චිත්‍රපටයට මාව ගෙනාවේ.

 

ඔබ අතීතය ගැන දුක්වෙන කෙනෙක්ද?

නැහැ, මම අතීතය ගැන දුක්වෙන කෙනෙක් නෙමේ. ඊයේ දවස ගැනවත් මම හිතන්නෙ නැහැ. මේ මොහොතට කලින් මොහොතේ සිදුවන සිදුවීමක් මම හිතන්නේ ජීවිතයට ලැබෙන අත්දැකීමක් කියලා. ජීවිතය තුළ වැරදීමක් වුණා නම්, එය නිවැරදි කරන්න මම උත්සහ කරනවා.

 

තරුණ තරුණියන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?

අපිට අපි ගන්න තීරණ ස්වාධීන වගේම හොඳ තීරණයක් වෙන්න ඕන කියලා මම හිතනවා. හොඳ නරක තෝරා බේරාගනිමින් කාටවත් කරදරයක් නැතිව යහපත් විදියට අපේ ජීවිත ගෙවන්න ඕන.

 

"ඇගේ ඇස අග" චිත්‍රපටය පළමු වරට නරඹන විට ඇති වුණ හැඟීම කොහොමද?

චිත්‍රපටය තැනින් තැන රූගත කළේ. දෙබස් පටිගත වුණේ ඒ වෙලාවෙමයි. මෙම චරිතය ප්‍රබල චරිතයක්. හිතාගන්න බැරි වෙලාවක හිතාගන්න බැරි අවස්ථා මවන චරිතයක්. ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක්. පළමු වරට මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සමග සම්පූර්ණ චිත්‍රපටය දැක්කේ "තරංගනී" සිනමා ශාලාවෙදී. ඒ වෙලාවේ ලැබුණු උණුසුම් ප්‍රතිචාරවලින් මම කරපු දේ ගැන සතුටක් ඇති වුණා.

 

පෙම්වතා, ආදරය වැනි දේවල් පිළිබඳ ඔබේ ප්‍රකාශය කුමක්ද?

සමාජයේ මිනිස්සු මට ආදරය කරනවා නම්, මම කැමතියි. මා කළ චරිතය දිහා තාරුණයන් වගේම තරුණියනුත් ආදරණීය හැඟීමකින් බලන බව මට දැනෙනවා. මොන තරම් භයංකර දේවල් චිත්‍රපටයෙදි මම කළත්, ඒ චරිතයට ඒ අය ආදරෙයි. මට පෞද්ගලික ජීවිතයක් තියෙනවා. මම කැමතියි මගේ ඒ ජීවිතය පෞද්ගලික මට්ටමේම තියෙනවනම්.

 

නිකමට කියන්න පෙම්වතුතෙක් ඉන්නවද? නැද්ද?

ඒ ගැන මම කියන්නෙ නැහැ. මම ආයෙත් කියන්නේ මගේ පෞද්ගලික ජීවිතේ මගේම වෙලා තියෙනවට මම කැමතියි.

 

ඔබේ දැන් ජීවිතය ගතවෙන්නේ මොන අන්දමටද?

මම දෙමවුපියන් එක්ක සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා.

 

 

පද්මකුමා පී.මෙත්තසේන / ඡායාරූප - මිහිර බණ්ඩාර

 

 2016-05-27-ent-12
2016-05-27-ent-10
 



අදහස් (0)

ගැහැනියක් විදියට කරන්න බය හිතෙන චරිතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site