IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි රිට් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)

පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පළාත් පාලන ආයතන 6ක ඡන්දදායකයින් පිරිසක් විසින් ගොනු කළ රිට් පෙත්සම හෙට (16) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

එම පෙත්සමට මැදිහත්වීමට තමන්ටද අවර දෙන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා සහ නීතීඥවරියක් විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් වලට අවසර දෙන්නේද  යන්න පිළිබඳවද හෙට සලකා බැලීමට නියමිතය.

වතුගෙදර විජේරත්න මහතා ඇතුළු මහනුවර, ඇඹිලිපිටිය, කොළඹ, මාතර සහ හාලිඇල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙම පෙත්සම් ගොනු කොට ඇති අතර එහි වගඋත්තරකරුවන් වශයෙන් පළාත් පාළන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කරනු ලැබ ඇත.

මෙම පෙත්සම ඇල්.ටී.බී. දෙහිදෙණිය, කුමුදිනි වික‍්‍රමසිංහ සහ ශිරාල් ගුණරත්න යනවිනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

පළාත් පළාන ආයතන වල සීමවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් 2017 පෙබරවාරී 17 වැනිදා අංක 2006/44 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ බවත් එහිදී වගඋත්තරකාර පළාත් පාලන ඇමතිවරයා විසින් සිය බලය අභිභවා යමින් බහුවිධ මන්ත‍්‍රී ආසන, කේවල මන්ත‍්‍රී ආසන වශයෙන් මාරු කළ බවත් පෙත්සම්කරුවෝ සඳහන් කර සිටිති.

එබැවින් අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සම විභාග කොට අවසන් කරන තෙක් ගැසට් නිවේදනය බලාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මඟින් ඉල්ලා සිටිති.



අදහස් (11)

ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි රිට් පෙත්සමක්

කුසුම් දල්පදාදු Wednesday, 15 November 2017 06:01 PM

හාලි ඇල ඇඹිලිපිටිය වගේ පළාත්වල අහිංසක මිනිස්සුන්ට මේ අසාධාරෙනේ තදින්ම දැනිල වගේ, පව් අනේ.

:       0       5

gamini Thursday, 16 November 2017 12:17 AM

ඔබට තේරෙන්නේ නැහැ........හැම දේටම ලෙඩ අදාල මැතිවරණය කල් දායි.....

:       0       9

Sujeewa Thursday, 16 November 2017 02:13 AM

ඡන්දෙ පැවැත්වීම හොඳා , නමුත් මේ විදිහට සභිකයන් වැඩි කෙරුවොත් ඒ බරත් අපිටම තමා. තව බදු වෙඩි කරන්න වේවි . දැන්මම වෙනස් කෙරුවේ නැත්නම් පළාත් සභා වගේ බොරු වියදමක් තමා මේකත්.

:       0       2

Perakum Thursday, 16 November 2017 02:29 AM

පුදුම වෙන්න එපා. මැතිවරණ නම් ළඟකදී තියන්නේ නැතිබව පැහැදිලියි.

:       0       22

KANDEPOLA Thursday, 16 November 2017 02:41 AM

ඡන්දෙ කල් දාගන්න කරන තවත් මගෝඩි වැඩක්.

:       0       21

Muhan Thursday, 16 November 2017 02:55 AM

මේක සුවර් එකටම එකබ්දේ වැඩක් . ශ්‍රී ල.නි.ප ඡන්ද දෙකට කැඩුනම එ.ජා.ප එක නිකම්ම ගොඩ මහින්ද හොම්බෙන් යනවා . යථාර්තය එකයි.

:       319       309

lahiru Thursday, 16 November 2017 03:51 AM

ආයෙත් නාට්‍ය පටන් ගන්න වගේ හදන්නේ...

:       5       10

Ruwan Thursday, 16 November 2017 04:05 AM

බොරුවට ගැලරියට කතා කලාට පොදු ජන "පොහොට්ටුව" ඡන්දෙට බයයි වගේ. අපිත් බලාගෙන ඉන්නේ ඡන්දයක් එනතුරු තමයි ඔබලාගේ කයිවාරු අවසන් කිරීමට. බොරුවට උසාවි ගොස් මෙය දික් නොකර ඡන්දෙකට ගොස් පසුව මෙය විසදා ගත්තනම් ඔබගේ බොරුවට හෝ අවංක කම පෙන්නනන්න තිබුනා. මේ ක්‍රියාවෙන් එකත් ඔබලා විසින් නැති කරගත්ත.

:       369       317

athura Thursday, 16 November 2017 04:06 AM

ඡන්දෙ දියන් දියන් කියලා ඉල්ලලා දැන් කල්දාගන්න උසාවි යනවා.

:       65       53

Athula Gunasena Thursday, 16 November 2017 06:58 AM

මුහන්, රුවන් ඔය දෙන්නටම වලිගෙ පෑගිලා. මේක එ්කාබද්ධයේ වැඩක් නෙවෙයි. හරි විස්තරය දැනගන්න දිවයින පත්තරේ බලන්න.

:       0       8

Deepal Nirosh Thursday, 16 November 2017 08:23 AM

අපි ඡන්දයක ගැන වාද කරන්නවත්, බිය වෙන්නවත් අවශ්‍ය නැහැ. මොකද 2020 ජනාධිපතිවරණය හෝ ඊට පෙර ජනමත විචාරණය හෝ පැවැත්වෙනතෙක් වෙනත් කිසිදු ඡන්දයකට මුහුණ දිය යුතු නැහැ.

:       46       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site