IMG-LOGO

ගුවන් පුත්තු දස්කම් දක්වති

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික  අන්තර් ඒකක අවි හා පා සරඹ තරගාවලිය   ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම ගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණ. බලගණ නායක  ඩි. එච්. කේ. එස් සෙනෙවිරත්න අණදුන් කටුනායක ගුවන් හමුදා කදවුරු කණ්ඩායම ශුරතාවය දිනාගත්තේය  ,  ගුවන් පියාසර නිලධාරී එච්. ඒ. පී . කේ ප‍්‍රනාන්දු අණදුන් අනුරාධපුර ගුවන් හමුදා කණ්ඩායම අනුශුරතාවය දිනා ගත්තේය. එහි තුන්වන ස්ථානයට දියතලාව ගුවන් හමුදා කදවුරු කණ්ඩායම හිමි විය. මීට සමගාමිව තූර්යවාදක කණ්ඩායමි තරගද පැවැත්වුණු අතර කටුනායක ග‍්‍රීන් වින්ග් හා රෙඩි වින්ග් කණ්ඩායමි පිළිවෙලින් අවසන් වටය හා සුදුසුකම් ලැබු අතර එහදි ග‍්‍රින් වින්ග් තුර්යවාදක කණ්ඩායම අභිබවා ශුරතාවය දිනාගැනීමට කටුනායක රෙඩි වින්ග් තුර්යවාදක කණ්ඩායම සමත්කම් දක්වන ලදි. මෙම සුවිශේෂි තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවුයේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාය. පින්තූර 1784 -  ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 2012 අන්තර් ඒකක අවි හා පා සරඹ තරගාවලියේ ශූරතාවය දිනාගත් කටුනායක ගුවන් හමුදා කණ්ඩායමට අනදුන්  ස්ක්‍රොඞ්රන් ලීඩර් ඩි. එච්. කේ. එස් සෙනෙවිරත්න  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා අතින් ශූරතා කුසලානය ලබා ගත් අවස්ථාව. 1770 – එම අනු ශූරතාවය දිනාගත් අනුරාධපුර ගුවන් හමුදා කණ්ඩායමට අනදුන් පයිලට් ඔෆිසර් එච්. ඒ. පී . කේ ප‍්‍රනාන්දු  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා අතින් අනු ශූරතා කුසලානය ලබා ගත් අවස්ථාව.    



අදහස් (0)

ගුවන් පුත්තු දස්කම් දක්වති

ලසන්ත Friday, 14 September 2012 06:50 AM

උණුසුම් පුවත් එසැණින් ලැබෙන මෙම පිටුවට මම කැමතියි. (නි)

:       0       0

වරුණ Friday, 14 September 2012 07:35 AM

මේ වගේ හරඹ පෙන්නුවට පස්සෙත් ලොකු අයගේ පුතාලගෙන් ගුටිකනවනේ...ඒකනේ දුක..(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 13 September 2012 07:36 PM

අභිමානවත් ගාම්භීර අවස්ථාවක්..!!(නු)

:       0       0

සරත් Friday, 14 September 2012 08:47 AM

ඇත්ත වරුණ (ස)

:       0       0

සුනිල් Friday, 14 September 2012 02:24 PM

@ වරැණ, ඒඅය ලොකු අය නෙමෙයි . කයිවාරු (දී)

:       0       0

රොහාන් Thursday, 13 September 2012 09:58 PM

මෙන්න අපේ දෙවිවරු. ජය වේවා! (නි)

:       0       0

අනුරාධ Thursday, 13 September 2012 10:30 PM

අති ශූර ගුවන් නියමුවකුවූ වර්තමාන ගුවන්හමුදාපති තුමාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා‍ ගුවන් හමුදා මාතාව දිනෙන් දින ජයග්‍රහණ ලැබේවා..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site