IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගුවන් තොටුපළ සේවිකාවකටත් කොරෝනා

(ටී.කේ.ජී.කපිල)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය.

හලාවත ප්‍රදේශයේ පදිංචි  50 හැවිරිදි මෙම සේවිකාව මීගමුව මහ රෝහල වෙත ඊයේ(06)සවස ඇතුළත් කර පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර තිබේ.

එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇයට මෙම කොරෝනා වයිරසය වැළදී ඇති බවට සනාථ වුවද , අද(07) දින උදෑසන ද යළිත් ඇය මීගමුව රෝහලේ දී  පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර තිබේ.

එම පරීක්ෂණයෙන් ද ඇයට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ .

මේ වනවිට මෙම සේවිකාව මීගමුව මහ රෝහලේ සිට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහල වෙත මාරු කර යවා ඇත.

මේ අතර කටුනායක ගුවන් තොටුපළ තුළ ඇය සමීපව ඇසුරු කළ සේවකයින්ගේත් පී.සී.ආර්.පරීක්ෂණ සදහා සෙම පටල ලබා ගැනීම සිදු කිරීම ආරම්භ කර තිබේ.

එසේම මෙම සේවිකාවගේ පවුලේ සාමාජිකයන් ද පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කරන ලෙස සහ ඊට අදාළ පියවර ගන්නා ලෙසත්  හලාවත ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද දැනුවත් කිරීමට කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබේ.



අදහස් (1)

ගුවන් තොටුපළ සේවිකාවකටත් කොරෝනා

ජානකී Wednesday, 07 October 2020 08:30 AM

ඕක තමයි මූලික ප්‍රශ්නය. ගුවන් තොටුපළ ඇරගෙන කට්ටිය ගෙන්වන්නේ නැතුව හිටියා නම් අදටත් මුලුරටම කොරෝනා වලින් නිදහස්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14138 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11117 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site