IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගෙවතු වගාවට අවශ්‍ය පොහොර බීජ හිඟයක්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කෘෂි කාර්මාන්තයේ යෙදෙන්නන් සහ සෞභාග්‍යයා ගෙවතු වගා දශ ලක්ෂයේ වැඩසටහන සමගාමීව ගෙවතු වගා කරන්නන් ඊට අවශ්‍ය බීජ ,පොහොර ,කෘෂි රසායනික ද්‍රව්‍ය මිල දී ගැනීමට අවස්ථාවක් නොවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වී ඇත.
 
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිත වෛරසය රට තුලට පැමිණීමත් සමගම රජය මගින් ඇරඹූ සෞභාග්‍යයා ගෙවතු වගා දස ලක්ෂයේ වැඩසටහනට පිලි ගනිමින් පාරම්පරිකව කෘෂි කර්මාන්තයේ යෙදෙන්නන්ට අමතරව බොහෝ දෙනෙක් තම ගෙවත්තේ විවිධ වගාවන් කිරීමට දැඩි පෙළඹීමක් ඇති වී තිබෙන අයුරු  මේ දින වල දක්නට ලැබේ. 
 
කෘෂි කර්මාන්තයේ යෙදෙන්නන්ට පවතින ඇදිරි නීතිය බාධාවක් නොවන බවට රජය මගින් වැඩි දුරටත් ප්‍රකාශයට පත් කෙරෙණි.
 
තත්ත්වය එසේ වුවද එම වගාවන්ට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට පෞද්ගලික කෘෂි රසායනිය වෙළෙද සැල් විවෘත නොවීමෙන් ඔවුන් දැඩි කනස්සල්ලකට පත්ව ඇත.
 
ඇතැම් දින වල ඒ ඒ ප්‍රදේශ වල ගොවිජන සේවා ප්‍රාදේශීය මධ්‍යස්ථාන විවෘතව තිබුණද ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීමෙන් බහුතරයක් දෙනාට වගාවන්ට අවශ්‍ය  බීජ ,පොහොර ,කෘෂි රසායනිය ද්‍රව්‍ය ලබා ගත නොහැකි විය.  
 
රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඖෂධහල් විවෘත කිරීමට පියවර ගත් අයුරින් වගාවන්ට අවශ්‍ය බීජ,පොහොර ,රසායනිය ද්‍රව්‍ය මිලදී ගැනීමට කෘෂි රසායනිය අලෙවි සැල් විවෘත  කිරීමට රජයේ අවධානය යොමු වන්නේ නම් එය ඵලදායි තීරණයක් වනු ඇතැයි වගා කරුවෝ පවසති.
 



අදහස් (2)

ගෙවතු වගාවට අවශ්‍ය පොහොර බීජ හිඟයක්

Rasika Thursday, 16 April 2020 10:05 AM

ඇත්තටම ගෙදරට ගෙනෙන එළවලු වල ඇට, පලා නටු සිටවන්න ගන්න පුළුවන්. පෝර ගෙදරදී කොම්පෝස්ට් ලෙස දාන්න පුළුවන්. මාළු සෝදන වතුර, කෙසෙල් ලෙලි , බිත්තර කටු, තේ කොළ හැම දේම පෝර තමයි . සබන් වතුර , කොහොඹ යුෂ , ඉතා හොඳ කෘමි විකර්ෂක . ඕනෙකම තියනව නම් ඔය නැහැ කියන එක දෙයක් වත් නැතුව හොඳ ගෙවත්තක් හදා ගන්න පුළුවන්.

:       1       46

rasika Thursday, 16 April 2020 01:21 PM

පොහොර නැව පස්සෙන් වගාවට තෙල් නැවක් එනවා, දවස් දෙකකට පසුව බෙහෙත් නැවත් එනවා. සතෙන් සතේ එකතු කරලා බිල ගෙවමු. ඊට පස්සේ පාරට ඇවිත් හැමෝට ඇහෙන්න අපි තාමත් තුන්වෙනි පන්තියේ කියමු .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31605 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13982 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site