IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගාලු විද්‍යාලෝකයේ කලබල.

ගාල්ල විද්‍යාලෝක විදුහලේ නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා වැඩ භාරගනිද්දී ඇතිවූ කලබලය සංසිදුවීමට අද පාසල වැසීමට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කිත්සිරි ලියනගම මහතා තීරණය කළේය. විදුහල්පති පොලිස් ආරක්ෂාව ද සහිතව කාර්යාලයට පැමිණ වැඩ බාර ගනිද්දී සිසුන් සිය ගණනක් පන්ති වර්ජනය කොට එළියට බැස කෑ කෝ ගසන්නට වූහ. වතුර පිරවූ සිලි සිලි බෑග් ද ගල් මුල් ද පොලීසියට එල්ලවිය. පොලීසියේ ඇතැම් සාමාජිකයනට ගල් මුල් සහ වතුර වැදුණි. මව්පියෝ පිරිසක් ද පාසල් ගේට්ටුවෙන් පිටත සිට කෑ කෝ ගසති. විදුහල්පතිවරයාගේ රථයට ද හානි සිදුව ඇත. සිසුන්ගේ හා මාපියන්ගේ ඉල්ලීම වී ඇත්තේ නව විදුහල්පති පාසලට නුසුදුසු බවයි. විදුහල්පති වරයා පවසන්නේ නීත්‍යානුකූල පත්වීමක් ලබා පැමිණි බැවින් මව්පියන් හා සිසුන් තමන්ට එරෙහිවීමට හේතුවක් නොමැති බවයි. හිටපු විදුල්පති එෆ්. වෙලේගේ මහතා දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කැර සිටිති.



අදහස් (0)

ගාලු විද්‍යාලෝකයේ කලබල.

උදිත් Monday, 01 October 2012 01:15 PM

මෙය පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙන බව මට තේරෙනවා (ස)

:       0       0

ඉම්රාන් Monday, 01 October 2012 01:33 PM

කෝ අර අපේ දකුණේ වීරයා (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 01 October 2012 01:40 PM

වෑරදි කෙතරම් තිබුනත් නීතිය අතට ගෑනීම බූරු වෑඩකි, එහෙත් නීතියක් නෑති රටකට වෙන කරන්නට දෙයක් නෑත. (ස)

:       0       0

නසාර් Monday, 01 October 2012 02:27 PM

අධ්‍යාපන වසංගතය රටින් තුරන් කරමු , උගත් මෝඩයන් බිහි කරමු (ස)

:       0       0

සමන් Monday, 01 October 2012 02:47 PM

රටට මොකද මන්දා මේ වෙන්නේ? (නි)

:       0       0

බූරා Monday, 01 October 2012 03:19 PM

කර්නල් කෙනෙක්ව දාමු (නි)

:       0       0

රාජ් Monday, 01 October 2012 03:21 PM

ඇයි මෙහෙම දෙයක් උනේ කියල පැහැදිලි නැහැ. (ස)

:       0       0

සරත් Monday, 01 October 2012 11:04 AM

හිටපු සර්ට වඩා හොඳයිද ?(ස)

:       0       0

රංජන Monday, 01 October 2012 03:37 PM

වැඩ බැරි ටාසන්ලා තමයි ඔය පැත්තේ ඉන්නේ (ස)

:       0       0

ගයා Monday, 01 October 2012 03:41 PM

විද්‍යාලෝක විදුහලේ ඉතිහාසය පුරාවටම සිටි හොදම විදුහල්පති ඔහුයි (නි)

:       0       0

අශාන් Monday, 01 October 2012 11:41 AM

මොකද මේ අධ්‍යාපනයේ හැම තැනම මඩ ගොහොරු ?(ස)

:       0       0

දයා Monday, 01 October 2012 11:44 AM

සමාවෙන්න මෙහෙම කිව්වට .... ඇයි මේ දෙමාපියෝ මේ තරම් විරුද්ධ , මේ විදුහල්පතිගේ චරිතවත්බවේ වරදක්ද ?(ස)

:       0       0

නලීම් Monday, 01 October 2012 04:06 PM

මෙකනම් ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් මේකෙ පිටුපස කවුරුන් හො ඉන්නවා (ස)

:       0       0

ගයා Monday, 01 October 2012 11:42 AM

ගුරු ගෞරවය නැති කම..ප්‍රශ්නයක් විසඳ ගන්න හැටි නොදන්න මේ වගේ අයද රට භාරගන්න යන්නේ . දකුණේ නමටත් ලැජ්ජයි (ස)

:       0       0

අසේල Monday, 01 October 2012 11:45 AM

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල (ස)

:       0       0

හසිත් Monday, 01 October 2012 12:13 PM

පෙටිටයක් උස්සන් පෙලපාලි යන්න . අනාගතේදිත් ඕවනේ කරන්න වෙන්නේ..(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 01 October 2012 12:28 PM

මවි පිය වරුනි තව පොඩ්ඩක් ඉවසන්න වේවැල් මාම විගහට ඒලියට ගන්න ඔය දරු පැටවු යහ මගකට ගෙන ඔන්න නැත හොත් ඔබට වෙයි හොදටම දුක් වන්න (ස)

:       0       0

බන්ඩාර Monday, 01 October 2012 12:36 PM

රටේ පාලකයෝ ආදර්ශමත් වෙන්න එපැයි ඔක්කෝටම කලින් (ස)

:       0       0

යොහාන් Monday, 01 October 2012 12:30 PM

ගයා, ඔයා යන්නකෝ ඉතිං විදුහල්පතිකමට. කරන්න තියෙන්නේ එතුමාට ටිකකලක් වැඩ කරන්න දීලා වැඩ ‍හොද නැත්නම් අදාල අංශ වලට දන්වන එකනේ. (නි)

:       0       0

මහේෂ් Monday, 01 October 2012 12:37 PM

දේශපාලන පත්වීමක්ද ?? අනේ රටකට ගිය කලක් (ස)

:       0       0

පනාගොඩ Monday, 01 October 2012 12:50 PM

දෙමව්පියන් මීට වඩා දරුවන් ගැන විමසිලිමත් වෙනවනම් හොදයි(ස)

:       0       0

අමිල කටුනායක Monday, 01 October 2012 12:45 PM

කොල්ලනි ඔහොම නොකරන් ඔට සර්ලාට‍ .........(ස)

:       0       0

චමිල් Monday, 01 October 2012 12:58 PM

ඉතා ඉක්මණින් සරසවි වල තත්ත්වයටම පත්වේවි. (නි)

:       0       0

වික්‍රම Monday, 01 October 2012 12:53 PM

මේ පිටුපස අනිවාර්යයෙන්ම දේශපාලන හෙංචයියෙක් ඉන්නවා ඇති . (ස)

:       0       0

ජයන්ත Monday, 01 October 2012 01:11 PM

අපේ පළාතේ ටවුමේ ඉස්කෝලෙකත් ජරා විදුහල්පති කෙනෙක් ඉන්නවා. ළමයි ඉස්කෝලෙට දානකොට ගානට සල්ලි ගන්නවා. දැන් ගාන රු 60,000/- යි. අල්ලන්න බෑ.ඒ එයා ටීම් එකක් විදිහට වැඩේ දෙන නිසා. ගේමේ පුරුක්වල දේශපාලන නියෝජිතයොත් ඉන්නවා. ඉතින් මෙයා තනි වෙලා නැති නිසා එලවන්න නම් බැරි බව ප්‍රදේශවාසීන් හොදින් දන්නවා. එහෙම බලනකොට පුද්ගලික පාසල් හොදයි කියලා හිතෙනවා. මොකද එකට දැම්මත් ඔය සල්ලි ගෙවන්න එපායෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site