IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගල් ඔය කැඩුණු බැම්මට පිළියම අද සවස ඇරැ⁣ඹෙයි

(අංජුල මහික වීරරත්න)

අම්පාර ගල්ඔය ගඟේ කොටවෙහෙර ප්‍රදේශයේ ඉවුර කැඩී යාමේ අවදානම වලක්වා ගැනීම සඳහා එම ස්ථානයේ වැලි ඉවත් කිරීම අද සවස සිට අරඹන බව වාරිමාර්ග සහ ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.

සේනානායක සමුද්‍රයේ සිට කිලෝමීටර 17ක් පහළින් ගල්ඔය ගඟේ මේ අවදානම මතුව තිබෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ ස්ථානයේ වැලි කියුබ් දහසක් පමණ එකතු වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි කීය.

වැලි ඉවත් කළ විට ඉවුර කැඩී යාමේ අවදානම අඩු කර ගැනීමට හැකි බව වාරිමාර්ග ඉංජිනේරුවරුන් දැනුම් දී ඇති බැවින්  තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස මේ පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ සහ අම්පාරේ වාරිමාර්ග ඉංජිනේරුවන් කැඳවා සාකච්ඡා කොට අදාල තීරණ ගත් බවද නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (0)

ගල් ඔය කැඩුණු බැම්මට පිළියම අද සවස ඇරැ⁣ඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 183 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site