IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගලේවෙල අනතුරකින් එකම පවුලේ 4ක් මරුට

(කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකු මිය ගොස් ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.

ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සිව් දෙනෙක් වන අතර ලොරි රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (13)

ගලේවෙල අනතුරකින් එකම පවුලේ 4ක් මරුට

sathyapala Monday, 02 April 2018 03:14 AM

වෙන රටකනම් මේ අනාරක්ෂිත ත්‍රිරෝද රථ තහනම් කරලා ගොඩක් කල්. කාර් වල පවා නිසි ආරක්ෂක විදි ගැන සතුටුදායක නැතිනම් ඒ වාහන තහනම්. ඉන්දියාවේ මරුටි කාර් කටුත් එහෙමම තමයි. ඒත් ඉතින් අපේ රටේ මැරෙන තරමක් මැරෙන මේ මිනිස්සු අහිංසක දුප්පත් මිනිස්සු. මැද පෙරදිග ගිහින් අනන්ත දුක් විද පෙට්ටියෙන් ගෙදර එන්නෙත් ගම්වල අහිංසක දුප්පත් ගැහැණු. ඒ ජිවිත ගැන මහා එවුන්ට දැනෙන්නේ හරියට වාහනයකට අහුවෙලා මැරෙන කුබියෙක්, කටුස්සෙක් ගානට. අරාබියේ රජෙක් හරි ඉන්දියාවේ මුදලාලි කෙනෙක් හරි ගානක් දීලා අපේ මහා එවුන්ට කිවම මේක තහනම් කරන්න එපා කියල මහා ආර්ථික විද්‍යාවෙන් තර්ක කරනවා මේවා තහනම් නොකළ යුතුය කියල. මේවා නතර කරන්නට දින වකවානු යොදා ඒ වෙනවිට ගම වල මේ මිනිසුන්ට අත මිටට කියක් හරි ලැබෙන්න කිසියම් සුළු කර්මාන්තයක් හදුන්වා දෙන්නට වැඩපිළිවෙලක් නෑ. උන්ට එහෙම දේවල් හිතාගන්නටවත් බෑ. අර ගෑනු එවන සල්ලි වලින් පිස්සු කෙලලා රට දියුනුකරා කියල ලොකුකමුත් කියනවා.

:       0       212

upaliMonday, 02 April 2018 08:49 AM

හරියටම හරි.. ඔබ සමඟ එකඟයි..

:       0       14

sachiniamarasena Monday, 02 April 2018 04:16 AM

අධික වේගයෙන් ත්‍රී රෝද රථ ධාවනය සහ නොසැලකිලිමත් රිය ධාවනය සියල්ලටම හේතුවය. රිඅදුරු වූ පමණින් සියල්ල හරි යයි සිතා රිය ධාවනය කරන නොහික්මුණ රියදුරන් නිසා මෙවන් අනතුරු බහුල වෙයි

:       0       47

dilip Monday, 02 April 2018 04:17 AM

ඔය ත්‍රී වීල් කක්කුස්සි නැතුව ජනතාවට හොද වහනයක් ගන්න දෙන්නෙම නැද්ද දෙසපලුවන්ට සාප වේවා

:       1       200

sarath Monday, 02 April 2018 06:19 AM

ත්‍රී වීල් තහනම් කරන්නම ඕනේ ! ලෝකේ රටවල් කීයෙන් කීයද මේවා භාවිතා කරන්නේ... ඔක්කොම ලංකාව වගේ පජාත දේශපාලකයෝ ඉන්න රටවල්. රටේ ඉන්න මිනිස්සුන්ට බින්දුවක හරි ආදරයක්, ආරක්ෂාවක් දෙන්න කියලා හිතෙනවා නම් මේ මරණ මංචකේ තහනම් වෙලා ගොඩාක් කල්...

:       0       96

indika Monday, 02 April 2018 06:50 AM

අනේ අපරාදේ ජීවිත... නමුත් හතර දෙනෙක් මෙහි ගමන් කරන්න තහනම් නේද?

:       0       40

joo Monday, 02 April 2018 07:13 AM

එළවාගෙන යන්නේ එතකොට පොලිසියෙන්ද? රටේ මිනිස්සුන්ට සාමාන්‍ය දැනීමක් වත් නෑ...

:       85       152

කොබා Monday, 02 April 2018 07:14 AM

මේ ඉරිදා පත්තරේ තිබුණු කොඩ්රිසයිකල් වාහනේට ත්‍රීවීල් සංගම් විරුද්ධයි කියලා, ඔවුන්ට අමතක වෙලා. කොඩ්රි සයිකල් වාහනේ අනාරක්ෂිත වුණත් ත්‍රීවීල් ඊට වඩා අනාරක්‍ෂිතයි කියලා... කොඩ්රිසයිකල් වාහනේ අඩුම තරමින් ආවරණය වුනු වාහනයක් කියලා පෙනෙන්න තියෙනවා. දොරවල් තියෙනවා. රෝද තුනට වඩා රෝද හතර වාහනය පෙරැළීමට ඇති හැකියාව අඩුයි. මිල වුණත් ත්‍රීවීල් වලට වඩා ස්වල්පයක් වැඩි වේවි.. මේ හැම එකකටම වඩා 90 මැද මයික්‍රෝ කාර්ස් සමාගමෙන් ඉදිරිපත් කල ප්‍රිවිලේජ් කාරය ආරක්ෂිතයි. මෙතරම් පරණ වුවත් තවමත් ඒවා හොඳින් ධාවනය කෙරෙනවා. ඒ සමාගම එම ව්‍යාපෘතිය අතාරින්නෙ නැතිව දිගටම කරගෙන ගියා නම් ත්‍රීවීල් වෙනුවට හොඳ විකල්පයක් වෙන්න තිබුණා.

:       0       46

abaran Monday, 02 April 2018 07:55 AM

මේ මොකුත් ඕන නැහැ දෙයියනේ හරියාකාරව ආරක්ෂිතව මහජනයාට වෙලාවට ගමන් කල හැකි පොදු ප්‍රවාහන සේවයක් හදන්න දෙයියනේ...

:       0       27

indunil sarath Monday, 02 April 2018 08:03 AM

මේ දින වල රටේ රිය අනතුරු බහුලව සිදු වෙනවා ඒ රිය අනතුරු වල ජිවිත හානියක් තියෙනවමයි රියදුරෝ මගියෝ ඔක්කොම ප්‍රවේසම් වීම තමයි වැදගත්

:       0       0

KANDEPOLA Monday, 02 April 2018 09:34 AM

සාක්ෂරතාවය 90% ගණන් කියා කියා උදම් ඇනුවට, රටේ මිනිස්සුන්ගේ නුගත්කමත් මේ අනතුරුවලට එක හේතුවක්. තමන්ගේත් අනුන්ගේත් ආරක්ෂාව ගැන හා ජීවිත වල වටිනාකම තැකිය හැකි බුද්ධිමත්භාවයක් රියදුරෙකුට තිබිය යුතුමයි.

:       0       1

KANDEPOLA Monday, 02 April 2018 09:34 AM

සාක්ෂරතාවය 90% ගණන් කියා කියා උදම් ඇනුවට, රටේ මිනිස්සුන්ගේ නූගත්කමත් මේ අනතුරුවලට එක හේතුවක්. තමන්ගේත්, අනුන්ගේත් ආරක්ෂාව ගැන හා ජීවිතවල වටිනාකම තැකිය හැකි බුද්ධිමත්භාවයක් රියදුරෙකුට තිබිය යුතුමයි.

:       0       0

ranjith Monday, 02 April 2018 12:27 PM

අද ත්‍රිරෝද රථ අනතුරුවලින් මැරෙන සංඛ්‍යාව ලෙඩරෝග වලින් මැරෙන ගණනට වඩා වැඩි දියුණු රටවල මේවගේ වාහන දුවන්නේ නෑ... මේවාට නීති ගෙනාවොත් අපේ මිනිස්සු පාරට බහිනවා.. අපරාදේ මනුෂ්‍ය ජීවිත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31521 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13860 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11070 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 155 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site