(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් තව දුරටත් ආදායම් ඉපයීමට බලාපොරොත්තු වන්නේ නම් පරිසරය රැකගැනීමට රජය වාහාම කටයුතු කළ යුතු බවත් මුහුද විනාශ කරන ගාල්ල වාරයේ පිහිටි ටින්මාළු කර්මාන්ත ශාලාවේ ක්‍රියාවලිය වහාම අත්හිටුවීමට ජනාධිපතිවරයා මැදිහත් වියයුතු බවත් සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන්වන්සේ අද (16) පැවසීය.
ජනාධිපතිතුමා හෙටම එතුමාගේ විමර්ශන කණ්ඩායමක් ගාල්ලට යොමුකර වාහාම විමර්ශන වාර්තාවක් කැඳවා ශ්‍රී ලංකාවේ වඩාත් අලංකාර මුහුදු ප්‍රදේශයක් විනාශ කරන ආකාරය පිළිබඳව දැනුවත් වියයුතු බවත් වෙරළ සංරක්‍ෂණ අමාත්‍යංශ ඇතුළු පරිසර රැකගැනීමේ වගකීම තියෙන සියලුම රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් නිහඩව සිටීම පුදුමයට කරුණක් බවත් ආනන්ද සාගර ස්වාමීන්වන්සේ කීහ.
එම ටින්මාළු කර්මාන්ත ශාලාවෙන් දිනකට පිරිපහදු නොකළ අපවිත්‍ර ජලය ලීටර 150,000 ක් බැහැර කිරීමෙන් ගාල්ල සහ හික්කඩුව යන ඉතා වැඳගත් මුහුදු වෙරළ සහ රූමස්ල වැනි වඩාත් සංවේදී පරිසර කළාපය විනාශ වෙමින් පවතින බව කී ස්වාමීන්වහන්සේ බලධාරීන් එයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කරන්න දිනපතා අපවිත්‍ර ජල ලීටර 150,000 බැගින් මුහුදට එකතු වීමෙන් ඉතාම නරක තත්වයකට පත්වන බව ද සඳහන් කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘‘ගාල්ල මුහුදු ආරක්ෂා කිරීමට ජනාධිපති මැදිහත් වියයුතුයි‘‘
SL Wednesday, 16 February 2022 02:03 PM
CEA එකටයි, අදාළ අමතියාටයි ,ලේකම් ,PHI ටයි කොමිස් ටිකක් ලැබෙනවා නම් මාළු මරුනහම , වෙරල අපවිත්‍ර උනාට මොනවා වෙනවද. හරි නීතිය, හරියට, වෙලාවට ක්‍රියාත්මක නොකරන මේ පාගා කාරයින්ට පින් සිද්ද වෙන්න සිංහලයා කියන්නෙම පවිත්‍ර දේ අපවිත්‍ර කරලා හුල්ලන ජාතියක් වෙලා ඒ අස්සේ රජ පවුලේ ඇමතියෙක් කියනවා රටේ මිනිස්සු ගෝත්‍රික තත්වෙට පත්වෙමින් යනවලු .............
gagana Wednesday, 16 February 2022 03:07 PM
නොදන්නා ව්‍යාපාර, ඉංජිනේරු සහ තාක්ෂණ විෂයයන් ගැන අනුන් වෙනුවෙන් වදන් ප්‍රකාශ නොකොට පන්සලට වී ධර්ම කටයුතු ගැන මෙනෙහි කරනු ඒස් වා හඃ .