IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගාල්ලේ පළාත් පාලන ආයතන 5 කට පොහොට්ටුව ඇප තැන්පත් කරයි

(අමල් වික්‍රමරත්න)
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 5 ක් සඳහා අද (27) දහවල් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා හමුවේ  ඇප මුදල් තැන්පත් කිරීම සිදු කැරිණි.

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් බලපිටිය,නෙළුව,අක්මීමන යන ප්‍රාදේශීය සභා හා හික්කඩුව , අම්බලන්ගොඩ යන නගර සභා සඳහා මෙලෙස ඇප තැන්පත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

මෙම අවස්ථාවට  දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමි, දකුණු පළාත් සභා නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝර, අරියවංශ සම්මු , ඉසුරු දොඩංගොඩ , චන්න සාලිය යන පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු පළාත් පාලන ආයතන වලට තරග කිරීමට අපේක්ෂිත පිරිසක්ද පැමිණ සිටියහ.



අදහස් (9)

ගාල්ලේ පළාත් පාලන ආයතන 5 කට පොහොට්ටුව ඇප තැන්පත් කරයි

ජයරත්න Monday, 27 November 2017 09:16 AM

මට නම් පේන්නේ මේක ඒකාබද්ධ කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුමක් වගේ. මෙතරම් හදිසියෙන් ප්‍රධාන නායකයින්ගේ සහභාගීත්වයක් නැතුව මේක කරන්නේ ඇයි?

:       338       501

MuhanTuesday, 28 November 2017 02:29 AM

කලබල වෙන්න එපා මේවා බොරු සංදර්ශන

:       0       40

chaminda Monday, 27 November 2017 10:28 AM

ඔබලාට ජයෙන් ජය, තිස් වසරක සාපලත් යුද්ධයෙන් රට බේරගත්තා වගේම මේ "ක්ලීන් සාපෙනුත්" අපේ රට බේරා ගන්න...

:       376       326

balapitiye raja Monday, 27 November 2017 03:03 PM

පොහොට්ටුවට 3 වැනි ස්ථානය ස්ථිරයි. ජනතා විමුක්ති පෙරමුණ වගේම පෙරටුගාමිනුත් ලොකු සටනක් දේවි.. දකුණේ අපි කන්නේ තණකොළ කියා හිතුවද?

:       193       254

buddadaasa Monday, 27 November 2017 03:07 PM

අැයි මේ කහ චීවරයට අපහාස කරන්නේ?

:       119       148

wasantha Monday, 27 November 2017 03:08 PM

දැන් ඉතින් අපිව රවට්ටපල්ලා...

:       67       96

purawasiya Tuesday, 28 November 2017 01:07 AM

අැයි ගාල්ලට විතරක්. හම්බන්තොට නම යෝජනා කචල් කියන්නේ ඇත්තක්ද?

:       0       0

ase Tuesday, 28 November 2017 04:33 AM

මේ මුට්ටිය දෑමක්ද නැත්නම් අපිට කොකා පෙන්වීමක්ද ? අපි මැරිලා ඉපදිලා නම් නෑ...

:       1       34

Muha Tuesday, 28 November 2017 05:13 AM

මේ කට්ටිය වෙනමම ඉල්ලයිද ?

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site