IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාල්ලේ තේ කම්හල් 66 ම සුපුරුදු පරිදි වැඩ

(ජේ.කේ.එල්. චාමින්ද)
 
 ඇදිරි නිතිය පැවතියද ගාල්ල දිස්ත්‍රික්කයේ තේ කම්හල් 66ම විවෘත කර නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් ගාල්ල දිස්ත්‍රික් තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති  චානක සේනෙවිරත්න  මහතා පවසයි.
 
 කොරෝනා වසංගතයත් සමග  තේ කම්හල්වල නිෂ්පාදන කටයුතු කිරිමේ  ප්‍රායෝගික ගැටළු පැවතියද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තේ කම්හල්වල වැඩකටයුතු සිදුකරගෙන යන බව තේ කම්හල් හිමියන්ගේ සභාපතිවරයා පවසයි.
 
   ඔහු මේ පිළිබද අදහස් දක්වමින් මෙසේද කිවේය.
 
 තේ වෙන්දෙසිය කල්ගිහින් තියෙනවා.  එය විද්‍යුත් ක්‍රමයට පැවැත්විමට කටයුතු කරමින් පවතිනවා. මේ නිසා  තේ දළු ලබාදෙන කුඩා තේ වතුහිමියන්ට මුදල් ලබාදිමේ දි යම් ප්‍රමාදයක් ඇති වේවි.
 
එමෙන්ම දර සපයා ගැනිමේ දි ගැටළුවක් තියෙනවා. ඇදිරි නිතිය තිබිම නිසා දර කපන අය ඒ කටයුතු කරන්නේ නැහැ.ඒ විතරක් නෙවෙයි ඉදිරියේ දි  තේ නිමි බැග්වලත් ගැටළුවක් ඇති වේවි. තේ නිමි බැග් නිෂ්පාදනය කරණ කම්හල් වසාදමා  තියෙනවා. තේ කම්හල්වල සේවය කරණ  සේවකයින්ට මුඛ ආවරණ ලබාදි තියෙනවා. අත් සෙදිමට පහසුකම් සලසා තියෙනවා. 
 
ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින්  තේ කම්හල්වල වැඩකටයුතු කරගෙන යනවා. නියගය නිසා තේ දළු අස්වැන්න අඩු වි ඇති බවද ගාල්ල දිස්ත්‍රික් තේ කම්හල් සංගමයේ සභාපතිවරයා පැවසිය.
 



අදහස් (1)

ගාල්ලේ තේ කම්හල් 66 ම සුපුරුදු පරිදි වැඩ

කල්පනා Wednesday, 01 April 2020 01:16 PM

මමත් අක්කර භාගයක තරමේ තේ වගාවක් තිබෙන කෙනෙක්... පසුගිය මාසයේ තදම පෑවිල්ල නිසා මගේ වගාව සම්පූර්ණයෙන්ම විනාශවුනා. මෙම තත්වය රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකුට සිදුවුනා.දැන් ආදායමක් නැහැ මෙම විනාශය ගැන සංගණනයක් කලා කියල පුවතක් දැක්කා. නමුත් අපේ වගාවන් ගැනනම් කිසිවෙකු බැළුවේම නැහැ. අප ගැනත් බලා සහනයක් දෙන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31516 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site