(ඩී.ජී.සුගතපාල)
දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ සමිපතමයින් නිරෝධායනයට යොමුකර සිටින හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින තවත් 15කට කොරෝනා ආසාදනය වි ඇති බවට අද (6) තහවුරු වි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
කොළඹදි පී.සී.ආර් පරික්ෂණයට යොමු කිරිමෙන් පසු එම කාන්තාවගේ සමිපතමයින් 55ක් ඊයේ හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන එනු ලැබු අතර එම පිරිසගේ පී.සි.ආර්.පරික්ෂණ වාර්තා අනුව මෙම 15ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබේ.
මෙම 15 දෙනා ඉරණවිල රෝහල වෙත ගෙන යාමට නියමිත බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසිය.
හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ මේ වනවිට නිරෝධායනය වන සංඛ්‍යාව 129ක් වන එම පිරිසෙන් 68ක්නැව් ආරක්ෂකයෝ වෙති.එයට අමතරව රුසියානු ජාතිකයා සිටි මාතර පොල්හේන ප්‍රදේශයේ 4ක්ද රේගුවේ 2ක්ද අනෙක් 55 දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තවගේ සමිපතමයෝ වෙති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගාල්ලට යැවූ 55 කින් 15 කට කොරෝනා