IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගල්ගමුවේ අනතුරකින් තුනක් මරුට

(ඇන් ජේ පතිරාජ)

ගල්ගමුව - ආණමඩුව ප්‍රධාන මාර්ගයේ ඉහළගම හන්දියේ දී  සිදුව ඇති රිය අනතුරකින් යුද හමුදාවේ මේජර්වරයකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි .

පිරිස ගමන් කළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක් කඩාගෙන ගෙවත්තකට වැදි එහි පොල් ගසක ගැටි මේ අනතුර සිදුව ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය කියයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අට වැනි ගජබා රෙජිමේන්තුවේ අනුරාධපුරය , සාලියපුර කඳවුරේ සේවය කළ මේජර් ඊ.එම්. දිනේෂ් විජිත කුමාර ඉලංගරත්න (අවුරුදු 35) , ඊ. එම් චතුර සුභාෂණ ප්‍රේමලාල් (අවුරුදු 30) , හා ඊ. එම් . රුවන් තරංග ගුණසේකර (අවුරුදු 36) යන අයවලුන් බවට හඳුනා ගෙන ඇති බව පොලිසිය පවසයි .

මියගිය තිදෙනාම ගල්ගමුව , නොච්චිය , වන්නිකුඩාවැව පදිංචිකරුවෝ ය.

 තුවාල කරුවන් දැනට ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලිසිය කියයි .

අනතුරෙන් මියගිය මේජර් ඊ.එම්. දිනේෂ් විජිත කුමාර ඉලංගරත්න


අනතුරෙන් මියගිය  ඊ. එම් චතුර සුභාෂණ ප්‍රේමලාල්


අනතුරෙන් මියගිය ඊ. එම් . රුවන් තරංග ගුණසේකර



අදහස් (0)

ගල්ගමුවේ අනතුරකින් තුනක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site