(කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම සිවිල් ආරක්ෂක උසස් පුහුණු පාසැලේ නිරොධායනය වන සෙබල පිරිස අතරින් හමුවූ ආසාධිත සෙබල සංඛ්‍යාව අද පස්වරුව වනවිට 35 ක් දක්වා ඉහළගොස් ඇති බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නරේන්ද්‍ර ප්‍රෙමරත්න මහතා පවසයි.
අද දහවල් වනවිට එම ගණණ 24 ක්ව පැවැදියේය. පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශය එක්ව අද (10) දහවල් එම සිවිල් ආරක්ෂක කදවුරේ සෙබලුන්ට කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලදී තවත් ආසාධිත සෙබලුන් 11 දෙනෙකු හදුනාගෙන තිබිණ.
අද (10) පැවැති හදිසි ප්‍රතිදේහජනක පරික්ෂාවලින් හදුනාගත් එම ආසාධිත සිවිල් ආරක්ෂක සෙබලුන් පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මේ වනවිට පියවර ගෙන තිබේ.
එම කදවුරෙන් හදුනාගත් ආසාධිතයින් 35 දෙනොගෙන් තවත් පිරිසක් මහනුවර තෙල්දෙනිය හා තවත් පිරිසක් මාතලේ ලග්ගල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ද මේ වනවිට යොමු කර තිබේ.
ඉකුත්දා කොළඹදී පැවැති නිදහස් දින උත්සවයට එක්වීමෙන් පසුව ගල්කිරියාගම සිවිල් ආරක්ෂක කදවුර වෙත මෙලෙස නිරෝධායනනය සදහා සෙබලුන් 140 දෙනෙකුගේ පිරිසක් යොමු කර තිබිණ. එම නිරෝධායනය වන සෙබල පිරිස අතරින් මෙම කොවිඩ්-19 ආසාධිතයින් 35 දෙනා හදුනාගෙන තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගල්කිරියාගම සිවිල් ආරක්ෂක පාසැලේ 35 කට කොරෝනා