ලෝක උරුම ගාලුකොටුවේ පර්චස් 21.8ක් වු රජයේ ඉඩම් කැබලි 17ක් පුද්ගලික පරිහරණයට යොදාගෙන තිබුණද එම ඉඩම්වල භුක්තිය යලි රජයට හෝ ගාලු උරුමය පදනමට පවරාගැනිමට කටයුතු කරනොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
රජයේ දේපළ සාවද්‍ය ලෙස පරිහරණයට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගෙන භුක්තිය යලි රජයට හෝ ගාලු උරුමය පදනම වෙත හෝ පවරාගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. එමෙන්ම ගාලුකොටුව පරිශ්‍ර යේ විවිධ රාජ්‍ය ආයතනවලට අයත් නිෂ්කාර්යව පවතින ඉඩම් 15ක් පලදායි ආර්ථික කටයුතු සදහා යොමුකිරිමට ක්‍රියාමාර්ග ගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ පිළිබද ගාලු උරුමය පදනමේ සභාපති මහාචාර්ය දේව මයිකල්ද සිල්වා මහතාගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.
ගාලුකොටුව තුල පිහිටි රජයේ ඉඩම් නිරවුල් කිරිම හා පවරා ගැනිම සදහා ගාලු උරුමය පදනම විසින් අවශ්‍ය ලිපි මගින් ක්‍රියාමාර්ග ගෙන තියෙනවා.නමුත් ඉඩම්හිමිකම් නිරවුල් කිරිමේ දෙපාර්තමේන්තුව සහ කඩවත්සතර ප්‍රා දේශිය ලේකම් කාර්යාලය ඒ සදහා ප්‍රතිචාර දැක්විම ප්‍රමාදවිම හේතුවෙන් මෙම ක්‍රියාවලිය තවමත් අවසන්වෙලා නැහැ. ගාලු උරුමය පදනමේ කළමණාකරණ කමිටු රැස්විම රාජ්‍ය ආයතන 26ක් නියෝජනය කරණවා.
එම ආයතනවල සහයෝගය ගාලු උරුමය පදනමට ලබාදිය යුතුයි. මෙකි ඉඩම්වල භුක්තිය උරුමය පදනමට ලබාදුන්විට අපිට පුළුවන් නිෂ්කාර්යව පවතින ඉඩම් පලදායි ආර්ථික කටයුතු සදහා යොදා ගැනිමට ඒ සදහා අපි සැලසුම් සකස්කොට තියෙනවා යැයිද ගාලු උරුමය පදනමේ සභාපතිවරයා සදහන් කළේය.
ගාලු උරුමය පදනම සම්බන්දයෙන් ජාතික විගණන කාර්යාලය මගින් 2025 වර්ෂය සදහා නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට තිබුණි.
යක්කලමුල්ල ලලිත් චාමින්ද

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd