ගුරුවරුන්ගේ හා විදුහල්පතින්ගේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් ගුරු- විදුහල්පති වෘත්තීය සමිති නමයක් රාජගිරියේ ඇන් ඇම් පෙරේරා පිළිරුව අසලින් බදාදා බත්තරමුල්ලේ ඉසුරුපායට පයින් යෑමට නියමිතය. අතුරු වැටුප් යෝජනා, ගුරු-විදුහල්පති උසස්වීම්, ආපදා හා දේපළ ණය ආදිය ඉල්ලීම් අතර වේ. දළ දේශීය නිශ්පාදනයෙන් අඩුම වශයෙන් සියයට හයක්වත් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කැර ගැනීම ද තවත් ඉල්ලීමකි. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය ද මීට සහාය දක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියයි. ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, සමස්ත ලංකා විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහපති සංගමය සහ ස්වාධීන ලංකා ගුරු සංගමය ද පාගමනට එක්වන බව ස්ටාලින් මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරු සංගම් නමයක් පාර දිගේ ඉසුරුපායට
සිල්වා තබුක් Tuesday, 23 October 2012 06:26 PM
නොනවතින රළ හෙට අනිද්දා හෙදියෝ දුම්රිය සේවකයෝ..!(නු)
දිනේෂ් සෞදි Tuesday, 23 October 2012 06:27 PM
කොහොම හරි කමක් නැහැ අහිංසක දූ දරුවන්ගේ ඉගෙනුවට බාදා නොකර ...මොකද දරුවන් පළි නැහැ මේවට...!(නු)
ලලිත් කටාර් Tuesday, 23 October 2012 07:09 PM
දැන් ඔය දාලා තියෙන 6% අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළොත් එහෙම හැම මාසෙම දරුවන්ට ගේන්න කියන අමතර මුදල් (පහසුකම් ගාස්තුවලට අමතරව) ගේන්න ඕන නැද්ද? ගුරුවරු පොත්වල ලියලා එවන දේවල් අම්මලා තාත්තලා ළමයින් කියලා දෙන්න ඕන නැද්ද? එහෙම නම් මමත් ඒකට එක පයිම්ම සහයෝගය දක්වනවා !(නු)
නන්දි Tuesday, 23 October 2012 07:04 PM
තවත් සංගම් නැද්ද ඕවට එකතු වෙන්න? (ත)
ජානක Tuesday, 23 October 2012 07:39 PM
හොද ගුරුවරයෙකුට කළු ලෑල්ලකුයි හුණු කූරකුයි තිබුණානම් හොදටම ඇති.. ආයෙ 6% වෙන් කරන්න ඕන නැහැ..!(නු)
තුල්සි Wednesday, 24 October 2012 03:29 PM
ලලිත් කටාර්, ඔබ කියන කතාවට පියෙක් වශයෙන් මමත් එකඟයි.ස්තුතියි. මගේ දරුවා ඉගෙනගන්නේත් ලොකු ජාතික පාසලක තමා. එහි ඇතැම් ගුරුවරියන්ගේ අමන වැඩ දකිනකොට හිතෙනවා දරුවා දමන්න මීට වඩා පොඩි ඉස්කෝලයක් කිට්ටුව තිබුණා නම් කියා. ගිය අවුරුද්ද මුලදී ලැයිස්තුවට ඇනවුම් කළ මිල අධික සමහර පොත් කවදාවත් පාවිච්චි කෙරුනේ නැහැ. මොන තරම් ලස්සන කවර තිබෙන පොත් ගෙනාවත් ඒගොල්ල කියන සැම්පලෙන් කවර දාලා ඉටිකොලත් දාන්න ඕනෑ. සමහරදාට බර වියදම් යන දේවල් ගෙනෙන්න කියනවා. අනේ ඉතින් අපිත් කොහොම හරි සපයලා යවනවා. දරුවා ඇවිත් කියනවා ටීචර් බැලුවේවත් නැහැ කියලා. ඉතින් අර සේරම අහක යනවා. එළිපිටම මානසික අල්ලස් ගැනිල්ලක් නම් මේ විදුහලේ නැහැ. එහෙත් සමහර තැේ වල අම්මලා සාරි එහෙම අරන් යනවා අපි දකිනවා. කොහොම වුණත් ගුරුවරු අතරේ මේ ගැනත් කතිකාවක් ඇති වුණොත් හොඳයි. (නි)
තුවාන් ෂෙරිෆ් Tuesday, 23 October 2012 09:37 PM
මේ ගොල්ලන් අමතර පන්තිවලින් අය කරන්නේ පැය ගානට.. (නු)
දිසාපාමොක් Tuesday, 23 October 2012 10:52 PM
ජානක මහත්තයෝ කළු ලෑල්ලයි හුණු කුරයි දුන්නම ගුරුවරු කන්නේ පිදුරුද? (ත)
අමිලා Tuesday, 23 October 2012 11:13 PM
ඔය වැඩ නතර කරන්න.. ඔබලා පාසල් ගිහිල්ලා ඔය ළමයි ටිකගේ ඔළු හදන්න මේ රටේ දේශපාලකයන් බිහිවීම වලක්වන්න.. මේ රට උගතුන් බිහිවෙන දවසට ඔබලාගේ ප්‍රශ්ණ සේරම විසදේවි..!(නු)
රාවන් Tuesday, 23 October 2012 06:04 PM
ඔබතුමාලාට 6% නැතිව අනිත් සේරම දෙනවා.. මොකද කියන්නෙ..?(නු)
හිරන්ත Tuesday, 23 October 2012 06:17 PM
දළ දේශීය නිශ්පාදනයට ගුරු සේවයෙන් දායකත්වයක් නැති නිසා වැටුප් වැඩිකිරීමක් අවශ්‍ය නැත..!(නු)