IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගුරු ලේකම්ගේ ලේඛණ රහස් පොලීසියට

යක්කල විභාග මධ්‍යස්ථානයක සිදුවූවායැයි කියන ශිෂ්‍යත්ව අක්‍රමිකතාව සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රහස් පොලීසියට අවසර දුන්නාය. අද නඩුව කැඳවූ අවස්ථාවේ මහින්ද ජයසිංහ මහතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ලාල් කුමාරපේලි මහතා ගුරුසංගම් ලේකම්ට තොරතුරු දුන් 78 දෙනෙකුගේ විස්තර අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයට ඉදිරිපත්කළ ලේඛණ පිටපත් සත්‍ය පිටපත් බවට කිසිවකු හෝ සහතික කර නැතැයි මහේස්ත්‍රාත්වරිය දැන්වූවාය. මෙම ලේඛන සත්‍යදැයි නොදන්නා බව රහස් පොලීසිය කරුණු දැක්වූ විට මහේස්ත්‍රාත්වරිය උසාවි ලේඛකාධිකාරීට නියෝග කළේ ඒවායේ සත්‍ය අසත්‍යතාවය සොයා වාර්තා කිරීම සඳහා රහස් පොලීසියට බාර දෙන ලෙසයි. වැඩිදුර විභාගය ඔක්තෝබර් 09 දිනට කල් තැබිණි.



අදහස් (0)

ගුරු ලේකම්ගේ ලේඛණ රහස් පොලීසියට

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 06 September 2012 08:34 PM

ලේකම් තුමාගේ කට අඩුකරන්න තමයි මේවා කරන්නෙ..!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 07 September 2012 09:07 PM

සිදුවුණ වරදට වගකිවයුත්තන් පසෙක සිටියදී එය එළිදරවු කරන්න ගිය මිනිස්සු බය වෙන විදියට පරීක්ෂණ මෙහෙයවෙන විදියයි පෙනෙන්නේ. මේවාට නඩු කියන එක මුදලුත් කාලයත් අපතේ හැරීමක්ම තමා. පොලීසිය අධිකරණයට දන්වාවි ' මෙහි කිසිම සැක කටයුතු දෙයක් සිදුවී නැත ' කියලා. අපි දන්නවා. (නි)

:       0       0

අනුර Thursday, 06 September 2012 11:49 PM

වැරැද්ද කළේ කවුරුවත් වුවත් දඬුවම ලැබෙන්නේ එය එළිකරන අයටයි. මිනිසුන් ඉදිරිපත් කෙසේද ඉතිං යහපත් සමාජයක් හදන්නේ? අධිකරණයෙන් කළ යුත්තේ වැරදිකරුවන් සොයාගැනීමයි. (නි)

:       0       0

වරුණ Thursday, 06 September 2012 05:21 PM

නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේද? (නි)

:       0       0

චමිලා Thursday, 06 September 2012 05:21 PM

කවුරුන් හෝ ඔවුන්ගේ දුරකතන සංවාද පරීක්ෂා කළා නම් පහසුවෙන් මෙය තහවුරු කරගත හැකිවේවි. (නි)

:       0       0

ගුණතිලක Friday, 07 September 2012 07:04 AM

ශිෂ්‍යාත්වයටත් මෙහෙම කරන රටක් වුණේ ඇයි? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 06 September 2012 07:53 PM

රජයේ සල්ලි බොරුවට වියදම් නොකර නිකන් ඉන්න මහත්තුරුනේ. ඕවායේ අවසානය අපට දැන්මම කියන්න පුලුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site