IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගුරු මාරු වැරදි පාරේ

ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියෙන් බැහැරව ගුරු මාරු මණ්ඩල නොකැඳවා අධ්‍යාපන අමාත්‍යංශය ගුරුවරුන් මාරු කර ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසුවේ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව ගුරුවරු ස්ථාන මාරු කළ යුත්තේ ගුරු සංගම් නියෝජිතයන්ගෙන්  ද සමන්විත මාරු මණ්ඩල හරහා බවයි.

ගිය වසරේ ගුරුමාරු මණ්ඩල නොකැඳවූ බවත්, මේ මස සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 20ට හා 10ට වැඩි ගුරුවරු මාරු කර ඇති බවත්, අවුරුදු 20ට හෝ 10ට වැඩි ගුරුවරු මාරු කළ යුත්තේ ද ගුරු මාරු මණ්ඩල හරහා බවත්, ගුරුවරු මාරු කිරීමේදී බොහෝ කාරණා සළකා බලන බවත් ස්ටාලින් මහතා පැවසීය.

ඇතැම් පාසල්වල අවුරුදු 20ට වැඩි ගුරුවරු කොටසක් පමණක් මාරු කර ඇති බව ද, තවත් අවුරුදු 20ට වැඩි ගුරුවරු එම පාසල්වල සිටින බව ද, මාරු ලබා දුන් ඇතැම් ගුරුවරුන්ගේ ස්ථාන මාරු නැවත අහෝසි කර ඇති බව ද, මෙවැනි අක්‍රමවත් ගුරුමාරු නිසා ගුරුවරු කොට්ඨාසයකට අසාධාරණයක් සිදුවී ඇති බව ද ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

ගුරු මාරු වැරදි පාරේ

සියඹලාපිටිය Wednesday, 09 January 2013 12:32 PM

මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයකි. (නි)

:       0       0

සම්පත් Wednesday, 09 January 2013 04:32 PM

අන්න අන්න වැරදි වැඩක් (දී)

:       0       0

අජිත් Wednesday, 09 January 2013 04:53 PM

කරන දෙයක් නිතියට අනුව පමණක් කරන්න (දී)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 03:11 PM

මොන දේදේ අපේ රටේ හරි පාරෙන් ගිහින් නිසිලෙස සිදුකර ගන්න පුළුවන් (ස)

:       0       0

ආනන්ද Wednesday, 09 January 2013 06:03 PM

දැන් එතකොට මොනවද හරි පාරේ ගියේ? (නි)

:       0       0

වරුණ Wednesday, 09 January 2013 11:03 AM

අපි කොයි දේටද හරි පාරේ ගියේ (ස)

:       0       0

චින්තක Wednesday, 09 January 2013 11:11 AM

අද ගොඩක් පාසැල් වහන්න සිද්ද වෙන්නේ මේ ගුරු මාරුව නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසයි . දෙහිඕවිට අධයාපන කොට්ඨාශයේ දැරණියගල කොස්ගහ කන්ද විදුහලේ අද වන විට බොහෝ ගුරුවරු වෙනත් පාසැල් වලට අනියුක්ත කොට තිබෙන නිසා එම පාසැලද නිසි ලෙස ක්‍රියාත්මක නොවේ බලධාරීන්ගේ අවදානය යොමුවේවා (ස)

:       0       0

ජනක Wednesday, 09 January 2013 11:19 AM

ඇත්ත ..ගුරුවරුන් මාරු කිරීම ඉතාම කල්පනාවෙන් කල යුතු දෙයක්. අසාධාරණකම් වෙන්න ඉඩ තියන්න එපා. වසර 25 ක් 30සේවය කරලා හිතේ සැනසීමෙන් විශාමයන්න දෙන්න (ස)

:       0       0

අරුණ Wednesday, 09 January 2013 11:39 AM

මෙවන් දේවල් කරන්න එපා, ළමයි තමයි අන්තිමේ අසරණ වෙන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site