IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගුරු දා සරසවි ගුරු වර්ජනය අවසන් ?

මාස තුනක පමණ කාලයක සරසවි ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනය ගැන අවසන් තීරණය බ්‍රහස්පතින්දා වනවිට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. බොහෝ විට රජය හා ආචාර්ය සංගමය සිය සාකච්ඡා ගැන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ඉඩ ඇත. මේ සාකච්ඡාවල විශේෂ ලක්ෂණය වනුයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහත්වරුන් සමඟ සාකච්චා පැවැත්වීමයි. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සාකච්ඡාවලට සහභාගී වූයේ නැත.



අදහස් (0)

ගුරු දා සරසවි ගුරු වර්ජනය අවසන් ?

චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 11:51 AM

මාස තුනක් ගත කරාම හැම දේම ලැබුණේ නෑ , එපා වෙලයි වර්ජනය අතහරින්නේ (ස)

:       0       0

දයා Wednesday, 10 October 2012 11:51 AM

අනේ හොදයි

:       0       0

පෙරේරා Wednesday, 10 October 2012 12:27 PM

අපේ දරුවන්ට දෙවියන්ගෙම පිහිටයි .!! (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 10 October 2012 12:32 PM

"......මේ සාකච්ඡාවල විශේෂ ලක්ෂණය වනුයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහත්වරුන් සමඟ සාකච්චා පැවැත්වීමයි. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සාකච්ඡාවලට සහභාගී වූයේ නැත....." එතකොට අධ්‍යාපන ඇමතිට තියෙන වැඩේ මොකද්ද? මොකටද අධ්‍යාපන ඇමති කෙනෙක් ඉන්නේ? මම අධ්‍යාපන ඇමති නම් අදම ඉල්ලා අස්වෙලා ගෙදර යනවා ලැජ්ජාව නිසා. (ස)

:       0       0

සුජානි Wednesday, 10 October 2012 12:30 PM

6% ලැබෙනවද? (ස)

:       0       0

ලලිත් Wednesday, 10 October 2012 12:49 PM

අධාල අය දැන්වත් තම තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස් වෙනවනම් නේද හොඳ (ස)

:       0       0

රුවන් Wednesday, 10 October 2012 12:48 PM

නිර්මලාට එහෙම මුකුත් කියන්න තියෙනවද දන්නේ නෑ මේ ගැන (ස)

:       0       0

රුවන් Wednesday, 10 October 2012 12:49 PM

දැන් මේ අය මොකද කියන්නේ ? අධ්‍යාපනය වලපල්ලට යනවා කිවව කතාව කිව්වේ නෑ කියනවද ?(ස)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 10 October 2012 01:03 PM

6% කෙසේ වෙතත් වර්ජනය කරපු මාස තුනේ “හිඟ වැටුප“? ත් මෙයාල ඉල්ලනවා. ඒක නම් සදාචාරාත්මක නෑ වගේ නේද? (ස)

:       0       0

ලලිත් Wednesday, 10 October 2012 01:27 PM

ස්ට්‍රයික් කරනකොටත් බනිනවා. දැන් නවත්වනවා කියනකොටත් බනිනවා. අනේ මෙහෙම ලංකාවක්. 6% ඉල්ලුවට ඉල්ලපු ගානම ලැබෙන්නේ නැති වග ඕන කෙනෙක් දන්නවා. අනික සාකච්ඡා කරන්නේ දෙගොල්ලොම යම් යම් කැපවීම් කරන්න බලන්න. රටේ දරුවන්ගේ අනාගතය ගැන සිතා ආචාර්‍යවරු ගත් පියවර අගයමු. (ස)

:       0       0

මහින්ද Thursday, 11 October 2012 04:58 PM

මොනවද මේ හැමදාම වර්ජන? (දී)

:       0       0

තුෂාර Wednesday, 10 October 2012 01:46 PM

ස්තීරද දන්නේ නෑ (ස)

:       0       0

සඳනායක Wednesday, 10 October 2012 01:57 PM

බැසිල් මහත්තයා ඔය තනතුරට පත්කරමු (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 10 October 2012 02:15 PM

මේ විහිලු දැකලා රටේ අපිට පුදුම සෑනසීමක් තියෙන්නෙ ,රටම විහිලුවක් විතරයි.(ස)

:       0       0

ආනන්ද Wednesday, 10 October 2012 02:37 PM

6% කොහොම උනත් එයාලගෙ මහබැංකුවට සමාන පඩියයි, ගමන් හා දුරකථන සඳහා ගෙවීමයි,දරු දෙන්නෙකුට අධ්‍යාපන වියදමයි මේ ටික වත් ලැබෙනවද ?? . ඒ මොනවත් නැතත් කුජීත වුණු පක්ෂ ටික ඔක්කොම වත් එකතු වෙනවද. රජරට මිනිස්සු වතුර නැතිව මැරෙන්න යනවා. මෙහෙ දවසකට පැය දෙක තුනක් දේශනයක් දෙන අය රු. ලක්ෂ 3 ක විතර පඩි ඉල්ලනවා. මේ රටට කවදාවත් වහින්න එපා.(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 10 October 2012 02:46 PM

"චන්ද්‍රසිරි 2012-10-10 11:51:17 මාස තුනක් ගත කරාම හැම දේම ලැබුණේ නැහැ , එපා වෙලයි වර්ජනය අතහරින්නේ" ඔය දැනට 'ලැබිලා' තියෙන කට්ටියටත් හිතාගෙන ඉන්න තරමට අත්පත් කරගෙන ඇති දේ, ගෙනියන්න පුළුවන් වෙයි කියලා හිතනවද? මේ රටේ කිසිම වෘත්තියක නියැලී නැති අයටත් උසස්ම වෘත්තියක ගැටළු ගැන කටේ තොලේ නොගැවී අදහස් දැක්වීම කරන්න පුළුවන් වීම ගැන හිතනකොට ප්‍රජාතන්ත්‍රවාදෙත් සීමා සහිතකම් තිබෙන බව මෙනෙහි වෙනවා. මේ මිනිස්සුන්ට ඉගෙනගෙන රස්සාවක් කර යමක් උපයාගන්නා පිරිස ගැන පවතින තේරුම් ගත නොහැකි වෛරය ප්‍රභාකරන් තුළ සමස්ත මිනිස් වර්ගයා ගැන තිබුණ වෛරය පරදවන සුළුය. (නි)

:       0       0

සාගරිකා Wednesday, 10 October 2012 02:48 PM

මම හිටියානම් ඔය පුටුවේ ආයිත් පුටුව දිහා බලන්නෙවත් නැහැ. ලැජ්ජාව නිසා (අ).

:       0       0

රන්දුනු Wednesday, 10 October 2012 02:44 PM

රවීන්ද්‍ර ඔයාට මාස 3 ක පඩි ලැබුනේ නැත්නම් ඔයා ඔහොම කියනවද ? (ස)

:       0       0

ගමගේ Wednesday, 10 October 2012 03:13 PM

ඇයි උසස් අධ්‍යාපන ඇමති තුමා නැත්තේ ?? (ස)

:       0       0

සරත් Wednesday, 10 October 2012 09:48 AM

එහෙම සාකච්ඡා හොඳයි ..(ස)

:       0       0

අසෝක Wednesday, 10 October 2012 10:06 AM

ඔය දේ මුලින්ම කරානම් ඉවරනේ ..මාස 3 ක් අයියෝ සල්ලී .(ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 10 October 2012 10:11 AM

වැ‍ඩේ පාවා දීලා ..දැන් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට 6% මතක නෑලු (ස)

:       0       0

සිල්වා Wednesday, 10 October 2012 10:13 AM

සුබ අනාගතයක් .(ස)

:       0       0

සාගරිකා Wednesday, 10 October 2012 10:08 AM

දැන් ඉතින් ඔය පුටුව වෙන කෙනෙක්ට දීලා යන්නයි වෙන්නේ ???.(ස)

:       0       0

ලසන්ත Wednesday, 10 October 2012 10:09 AM

සාකච්ඡා කරන්න තරම් දැනුමක් නෑනේ .(ස)

:       0       0

වන්නි Wednesday, 10 October 2012 10:21 AM

ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩ කරන්න (දී)

:       0       0

වරුණ Wednesday, 10 October 2012 10:17 AM

සන්තෝසයි

:       0       0

යොහාන් Wednesday, 10 October 2012 10:29 AM

ඔය අන්තරය ඔබ තුමන්ලාව ආයෙත් විනාස කරාවිද දන්නේ නෑ .(ස)

:       0       0

චිත්‍රා Wednesday, 10 October 2012 10:35 AM

මොනවද මේ නිමා නොවෙන ප්‍රශ්න? (නි)

:       0       0

නසාර් Wednesday, 10 October 2012 10:37 AM

කබලෙන් ලිපට ...අනේ මන්දා .(ස)

:       0       0

නසාර් Wednesday, 10 October 2012 10:39 AM

මුගටියට බැරි වෙනකොට හැලි මුගටියා එක්ක ඉන්නවලු (නි)

:       0       0

ශිවන්ත Wednesday, 10 October 2012 10:53 AM

අන්තිමට අපිට වුණේ උපාධිය මාස තුනකින් විතර ප්‍රමාද වුණ එක විතරයි (නි)

:       0       0

හසිත් Wednesday, 10 October 2012 11:17 AM

අනාගත අධ්‍යාපන ඇමතිතුමා කවුද කියලා අන්තර දැනටමත් දන්නවා ඇතිනේ .(ස)

:       0       0

නුවන් Wednesday, 10 October 2012 11:13 AM

ඇයි මීට කලින් ඕක නොකළේ? (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 10 October 2012 11:37 AM

ඊලඟට අනධ්‍යන අයගේ වර්ජනයද දන්නේ නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site