IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ග්‍රීන් ටී ලෙසින් රට යවන්න හැදු මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක,ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

ගී‍්‍රන් ටී වශයෙන් සකස් කර  ඇමැරිකාවට සහ බි‍්‍රතාන්‍ය යන රටවලට යැවීමට සුදානමින්  තිබු මත්ද්‍රව්‍යමය ශාක කොටස් කිලෝ 542 ක් කොළඹ 14 නාගලගම්වීදියේ දී අත්අඩංගුවට ගත බව  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.

මෙම මත්ද්‍රව්‍ය  ශාක කොටස්  සැමිබියාවේ වනාන්තර වල වැවෙන මුරුංගා විශේෂයක් බවත් මේ පත‍්‍ර කොටස් වල මත්වීමේ රසායනිත සංඝටක අඩංගු බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ශාක කොටස් සැම්බියාවේ සිට ගුවන් මගින් මෙරටට ගෙන්වා ඇති බවත් පසුව ඒවා   නාලගම්වීදියේ ගබඩාව තුළ දී  ගි‍්‍රන් ටී ලෙස පැකට් වශයෙන් ඇසුරුම් කර නැවතත් අපනයනට කරන බවද පොලිසිය කියයි.

වැටලීම සිදුකරන අවස්ථවේ එම ස්ථානයේ පුද්ගලයෙක් හා කාන්තාවක් මේවා ඇසුරුම් කරමින් සිටි බවත් ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම මත්ද්‍රව්‍යඅ කොටස්  පෙට්ටිවල සහ ප්ලාස්ටික්  බේසම්වල දමා තිබී ඇති අතර  තවත් කොටසක් පැකට් වශයෙන් අසුරා තිබු බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අවුරුදු 31,18 යන පසුවන්නියන් බවත් ඔවුන් වැල්ලම්පිටිය, කැළණිය යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (2)

ග්‍රීන් ටී ලෙසින් රට යවන්න හැදු මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

sathyapala Thursday, 21 December 2017 10:53 AM

මුලින් කිව්වේ කෝටිපති ව්‍යාපරිකයකුත් අසුවුණා කියල. පැය කිහිපයක් යනකොට කෝටිපතියා නෑ. අන්තිමට මොනවත් නොදැන දවසේ කුලියට වැඩ කරපු දුප්පත් මිනිස්සු දෙතුන්දෙනෙක් හිරේ යනවා. කෝටිපතියා නැවත වෙනත් විදිහකට ඕකම කරනවා. අර බ්‍රසීලයෙන් සිනි කන්ටේනර් වල ටොන් ගණනක් මත්ද්‍රව්‍ය ගෙනාපු කෝටිපති ද්‍රවිධ ව්‍යාපාරිකයා දැන් ඉන්නේ හිරේද ? නෑ. අන්න බම්බලපිටියේ සැපට ඉන්නවා. එක දේශපාලකයෙක්වත්, සල්ලිකාරයෙක්වත් හිරේ යන රටක් නොවෙයි මේක.

:       0       46

sachithThursday, 21 December 2017 11:54 AM

සත්‍යපාල හරියටම හරි. මේ අත්අඩංගුවට ගත්තා කියල කියන්නේ ඔතන හිටපු සුළුම සේවකයෝ දෙන්නනේ. සීනි කන්ටේනර් එකේදිත් හිරේ ගියේ ලොරියේ රියදුරයි, රිය සහයකයිනේ. එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ, බිලියන ගණක දේපල හැගුවත් වරද පිලිගත්තම දඩය රුපියල් 1000නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site