(නිමන්ති රණසිංහ)
හොටෙල් කලම්බු ලිමිටඩ් (ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල්) ආයතනයේ සේවකයන්ට හිඟ අයවැය සහන දීමනාව වශයෙන් ගෙවීමට නියමිතව තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවීම හේතුවෙන් ඊට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් පස් දෙනකුට සිතාසි නිකුත් කර ඇත.
මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ, හොටෙල් කලම්බු ලිමිටඩ් (ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල්) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන ජයම්පති චරිත රත්වත්තේ, එගොඩගෙදර ධනපාල සුමනසිරි, කාංචන රත්වත්තේ, රත්නසේකර ආරච්චිගේ රසාංගිකා ප්‍රියදර්ශනි සහ ධම්මික පුෂ්පකුමාර ගුණසේකර යන මහත්ම මහත්මීන්ටය.
මෙම සිද්ධියට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණේ දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස්වරයා විසින් ඉකුත් 2022 වර්ෂයේදීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ග්‍රෑන්ඩ් ඔරියන්ටල් අධ්‍යක්ෂ මණ්ඩලයට සිතාසි
Perera Wednesday, 08 February 2023 07:40 AM
චරිත රත්වත්ත පිනාධිපතිගේ ගජයෙක් නේද?