(හේමලතා ඩී හේවගේ )
ගිරිඋල්ල නාරංගොඩ දික්හේනවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ හත්දෙනෙකු අද (13) ස්වයං නිරෝධායනයට ලක්කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
නිරෝධායනයට ලක්කර ඇති අය අතර එකම පවුලේ මව , පියා ඇතුඵ දියණියන් 03 ක් හා ඥාති පුතෙකු සමඟ නැන්දනියක්ද සිටින බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.
මෙම පිරිස පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි ඔවුන්ගේ ඥාතිවරයෙකුගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගිවී ඇති අතර එම පිංකමකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථයට අන්යුක්තව සේවය කළ විශේෂ කාර්ය බලකායේ නිලධාරීවරයෙකු පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
එම නිලධාරීවරයා කොරෝනා ආසාදිතකයෙකු බවට අද (13) තහවුරුවීමත් සමඟ මෙම පිරිස ස්වයං නිරෝධායනයට ලක්කළ බවත් ඔවුන් හෙට (14) පී සී ආර් පරීක්ෂණ සඳහා කුලියාපිටිය මූලික රෝහලට යොමුකරන බවත් සෞබ්‍ය වෛද්‍ය කාර්යලය පවසයි.
පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරිනි සාමා හේරත් මහත්මියගේ උපදෙස් මත නාරංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක මුජීෆ් මහතාගේ මැදිහත්වීමෙන් මෙම පිරිස ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගිරිඋල්ලේ 7 ක් ස්වයං නිරෝධායනයට