
(අංජුල මහික වීරරත්න)
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ අධ්‍යයන ක්ෂේත්‍රයන්ට අදාළව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත.
මෙම වැඩසටහනට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා “ Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු දරු දැරියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරුණි.
පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක් ද මෙහිදී සිදු කෙරිණි.





COMMENTS
කරුනාකර මේ පහත් දේශපාලන වැඩසටහන් නවත් වන්න, මේ ආකාරයේ වැඩසටහන් කරපු දේශපාලකයෝ හැමෝම තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගත්තා. ආණ්ඩුවේ vision එක දරුවන්ට කියලා දෙන්න අවශ්‍ය නම් ඊට ජාතික මට්ටමේ ව්‍යාපෘතියක් පාසල් මට්ටමින් අරඹන්න. ජනාධිපතිවරයාට මාධ්‍ය උපදෙස් දෙන කේවට්ටයෝ ආණ්ඩුව ද ජනාධිපතිවරයාද? ප්‍රවේසම් විය යුතුයි...