(රන්ජන් කස්තුරි සහ කීර්ති ප්‍රනාන්දු)
ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇතැයි ද එය බරපතල අවධානම් තත්වයක්යැයි ද සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා රෝගීන් නිවෙස්වල සිටිම නිසා පවුල් වැඩිහිටියන්, වෙනත් රෝගවලින් පෙළෙන්නන්ට වයිරසය වැළඳීමේ අවධානමක් හට ගෙන තිබෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොරෝනා රෝගීන් පිළිබඳව සෞඛ්‍ය අංශවලට අවස්ථා ගණනාවක දැනුම් දී ඇතත් එම රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලැබී නැතැයි ද වාර්තා වේ.
COMMENTS
සම්පුර්ණයෙන්ම සර් ෆේල්
ඇයි හමුදාපතිතුමා කියල තිබ්බේ රෝගී අය දවසට දෙදහසක් හම්බ වුණත් කිසිම ප්‍රශ්නයක් නෑ.පහසුකම් තියෙනවා කියල..
ඒ මදිවට ආගමික ස්ථාන වලින් ලවුඩ්ස්පීකර් දාලා කරදර කරනවා ලෙඩ්ඩුන්ට
මේක වෙන්න බැහැ මොකද හමුදාපතිතුමා ( අපි ඉතාම ගරු කරන මහත්තයෙක් ) කියනවා 1000ක් නෙමි 2000 ක් ආවත් ප්‍රශ්නයක් නැහැ කියල ඉතින් දෙයියනේ කොහොමද ලෙඩ්ඩු ගෙදර ඉන්නේ ! මේක ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න විරුද්දවාදීන් ගොතන කතාවක් වෙන්නත් බැරි නැහැ !!!!
ලංකාවේ විතරක් නොවේ... අනෙක් පැතිවලත් එහෙමම තමයි.
අපේ සෞඛ්‍ය අංශයේ තරම මේ වැඩවලින් නොපෙනේද?
හදුනාගත් ආසාදිතයන් නිවෙස් වල නිරෝධායනය කරන අතරතුර ජංගම සෞඛ්‍ය සේවා මගින් ඔවුන් පිළිබඳ නිරතුරුවම නිරීක්ෂණය කිරීම හා ක්‍රියාත්මක වීම වඩා ඵලදායී ක්‍රමවේදය යි
කොරෝනා නෙවෙයි රට විකුණුවත් කමක් නෑ... වහල්ලුන්ට සර් හොඳයි.
ලංකාවේ විතරක් නෙමෙයි, මම ඉන්න රටේත් කොරෝනා පොසිටිව් වුණොත් ගෙදර නිරෝධායනය වෙන්න ඕනෑ. විවේකීව හුස්ම ගන්න අපහසුතා ඇති වුණොත් විතරයි ඉස්පිරිතාලයට එන්න කියන්නේ...
" අපි තමයි හොඳටම කෙරුවේ " මතක්වෙනවා.
පොසිටිව් වෙන හැමෝම මොකටද ඉස්පිරිතාලේ දක්කන් යන්නේ ගෙදර නිරෝධායනය වෙන එක තමයි ලෝකේ හැම රටකම කරන්නේ ලංකාවේ ඇරෙන්න... ලංකාවේ ඉතින් නිතරම අමුතු වැඩනේ කරන්නේ අමාරු වෙන ලෙඩ්ඩු තමයි ඉස්පිරිතාලේ එක්ක ගෙන යන්න ඕනැ... එතේ ඔකට ඉස්පිරිතාලේ නිකන් බොරුවට පිරෙන එකත් නවතිනවා...
තව සංචාරකයෝ ගෙන්වා ගන්න, දුප්පත් වෙලා පිටරට සුද්දන්ගෙන් හරි කීයක් හරි හොයාගන්න තරමට රටේ මුදල් උත්පාදනය කරන්න ගම් මට්ටමින් කර්මාන්ත හදලා.. රක්ෂා දුන්නා නම් හොඳ නැතිද?