IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගම්පහ රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක්

( තිලකරත්න දිසානායක) 

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට දැඩි අවශ්‍යතාවයක්ව පැවති සී.ටී.ස්කෑන් යන්ත්‍රයක් මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ ලබා දෙමින් එය රෝගීන් වෙනුවෙන් පරිහරණයට පත් කිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි. 

රුපියල් ලක්ෂ 700 ක් වටිනා මෙම ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම පිනිස මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන  ලබාදීම සිදු කර ඇති අතර මෙය ස්ථාපිත කිරීම පිණිස ස්ථානයක් සැකසීම සඳහා අත්තනගල්ල රාජ මහා විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන් විසින් රුපියල් ලක්ෂ 23 ක් ප්‍රදානය කර ඇත. 

යන්ත්‍රය රෝගීන් වෙනුවෙන් පරිහරණයට පත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා අදහස් දක්වමින් පවසා සිටියේ දිවයිනෙහි වැඩිම ජනගහනයක් වෙසෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලක් වන ගම්පහ රෝහලට මෙවැන්නක් ලබාදීම ඉතා වැදගත් වන බවය. 

මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධර්මසේන , ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා චන්ද්‍රානි සේනාරත්න , ගම්පහ රෝහලෙහි විකිරණ විශේෂඥ වෛද්‍ය පණ්ඩුක චන්ද්‍රසේන, රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ , වෛද්‍ය ( සැලසුම්) නිලංගී සුභසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍ය වරුන් සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.  



අදහස් (4)

ගම්පහ රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක්

කසුන් Monday, 13 April 2020 10:05 AM

කරුණාකර මේ රෝහල මධ්‍යම රජයට පවරා ගන්න...

:       0       1

රවින් Monday, 13 April 2020 11:15 AM

නියම විවෘත කිරීමක්... මේවා ඉතින් කොරෝනාවේ පිහිටෙන් වෙච්ච එක හොඳ දෙයක් තමයි. එ්ක දේශපාලු පුළුටක් නැහැ..., මේන් මේ ආකාරයට තමයි මෙරට කරුණු කාරනා සිද්ධ වියයුත්තේ. මුළු ලෝකෙම කොරෝනා වලට ගැරහුවත් එක හොඳක් නම් වුනේ එක දේශපාලුවෙක්වත් නැතිව, කිසිම උත්සවයක් නැතිව පොදු ජනතා අරමුදල් පොදු ජනතාවට, පොදු ජනතා සේවකයන් විසින්ම ලබාදීමයි. දේශපාලුවන් ටික කකුල් දෙක අස්සේ ඔලුව ඔබාගෙන මුල්ලකට වෙලා ගැහි ගැහි ඉන්නවා ඇති " බොඩි බැග් " එකට බයේ. උන්වනම් බොඩි බැග් එකේ යවන්නත් නුසුදුසුයි...

:       0       0

Binkunndaa Monday, 13 April 2020 07:06 PM

ගාල්ලේ සමුපකාර රෝහලේ සී.ටී ස්කෑන් යන්තරය හිටපු ජනාධිපතිතුමා ඇවිත් විවෘත කරලා අවුරුදු 3 කට වැඩියි.හැබයි තාම මේ සී.ටී ස්කෑන් යන්තරය සවිකරලා වත් නෑ. නියම විහිලු.

:       0       1

Dil Perera Monday, 13 April 2020 11:19 PM

වැඩ කරන, සද්ද නැති රාජ්‍ය පාලනයක්. ගම්පහට CT ස්කෑන් යන්ත්‍රයක්. වෘත්තිකයන් අගයන පරිපාලනයක් = දේශපාලකයෝ නොමැති චාම් උත්සවයන්. රටක වෙනස... රාජා භවතු ධම්මිකෝ !! ඔහොම යන්!. ඔහොම යන්!! "හිටන්" නෑනේ දැන්.

:       21       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site