(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද  උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 892 දෙනකු වාර්තා වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් කරයි.

ඒ් අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන්ගේ අඩුවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ කියයි

දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට ආසාදිතයින් වාර්තාවීම මහර - 172 ක්, මිනුවන්ගොඩ - 103 ක්, කටාන - 88 ක්, ගම්පහ, වත්තල සහ බියගම කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 63 දෙනෙකු බැගින් , අත්තනගල්ල - 55 ක්, දිවුලපිටිය - 54 ක්, මීරිගම - 51 , දොම්පෙ - 50 ක්, ජාඇල - 42 ක්, මීගමුව - 37 ක්, කැලණිය - 24 ක්, සීදූව - 15 ක් සහ රාගම - 12 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

දිස්ත්‍රික්කයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 317 දෙනෙකු බවත් එහි සදහන්ය.

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 33,237 දෙනකු අද වනවිට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.