IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ගම්පහට සුළු ගංවතුර තත්වයක්

(තිලකරත්න දිසානායක)

ඉහළ ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් සාමාන්‍ය ජල ගැලීම් මට්ටමකට පත්ව ඇති බැවින් පහත් බිම්වල ජනතාවට විමසිලිමත්වන ලෙසට වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.

අත්තනගලු ඔය දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 4 . 52 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මෙය මීටර් 5 . 50 ක් දක්වා ඉහළ ගිය හොත් මහ ගංවතුර තත්ත්වයක් වන බවත් අත්තනගලු ඔය ද්‍රෝණිය ධාරා සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නිවේදනය මගින් පෙන්වා දී ඇත.

ඉදිරි පැය 24 සදහා නිකුත් කරන ලද එම නිවේදනය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා සදහන් කර සිටියේ , ජල මට්ටම ඉහළ ගියහොත්  දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි අත්තනගලු සහ ඌරුවල් ඔය නිම්නවල වෙසෙන ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවය.

මේ අතර බස්නාගොඩ ජලාශයද මේ වනවිට පිරී ඇති බැවින් දිසාපතිවරයාගේ උපදෙස් පරිදි එහි ජල මට්ටම පාලනය කරගැනීම සඳහා දොරටු තුනම අඩි එකක් බැගින් විවෘත කිරීම මත එම ජලයද අත්තනගලු ඔයට මුදා හැරෙන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා සදහන් කර සිටියේ , ගම්පහ දිස්ත්‍රික්කයට අධික වර්ෂාවක් නොමැති වුවද ඉහළ ප්‍රදේශයන්හි අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගලා බසින අත්තනගලු ඔය සහ ඌරුවල්ඔය පිටාර ගැලීමක් සිදු වුවහොත් එම ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන් හට උපදෙස් ලබා දී ඇති බවය.

 

 



අදහස් (0)

ගම්පහට සුළු ගංවතුර තත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 234 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site